ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා පවසයි. Sri Lanka Latest News
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණි.
එහිදි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ,
“හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ විනාශය බලාගෙන ඉන්න බැරුව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණා. ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පැනවුණා.”







