• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන් ඩිජිටල් ලෝකයට යවා ලෙඩ කරවන්න එපා! මේ උපදෙස් වහා පිළිපදින්න! Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
දරුවන් ඩිජිටල් ලෝකයට යවා ලෙඩ කරවන්න එපා! මේ උපදෙස් වහා පිළිපදින්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනෙන් දින දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යාමට නම් ලොකු කුඩා කාටත් තාක්ෂණික උපාංග භාවිතය අත්‍යාවශ්‍යම සාධකයක් වී තිබේ. ඩිජිටල්කරණ යුගයක දිවි ගෙවන ලෝකවාසීන් ජංගම දුරකතන, පරිගණක සහ ටැබ් වැනි විවිධ ඩිජිටල් උපකරණ භාවිත කිරීමට හුරුවී සිටියි. ඩිජිටල් උපකරණ වැඩි වෙලාවක් භාවිත කිරීම නොදැනුවත්ම විවිධ ශාරීරික මෙන්ම මානසික රෝග ඇති කරලීමට හේතුවක් වී ඇති බව අප වෙත අදහස් දැක්වූ වැඩිදෙනෙක් පැවැසූහ. (Sri Lanka Latest News)

‘අම්මා කෙනෙක් විදිහට මට දැන් ඒක අභියෝගයක් වුණා’
දෙදෙරු මවක් වන 34 හැවිරිදි ශෂිකා නිර්මාණි පැවැසුවේ සිය වැඩිමහල් දරුවා ජංගම දුරකතනයෙන් ඈත් කර තැබීම විශාල අභියෝගයක් බවට පත්ව ඇති බවයි.

‘මගේ ලොකු පුතාගේ වයස දැන් අවුරුදු 6ක් වෙනවා. පොඩි පුතාට වයස අවුරුදු 3යි. මගේ දෙවැනි බබා හම්බ වුණාට පස්සේ මම එයාගේ වැඩත් එක්ක කාර්යබහුල වුණා. ලොකු පුතා ඒ වෙද්දී සාමාන්‍ය දරුවෙක් විදිහට සෙල්ලම් කරනවා, චිත්‍ර පාට කරන්න උත්සාහ කරන කාලේ. මම දෙවැනි බබා එක්ක කාලය ගතකරන නිසා සමහර වෙලාවට ලොකු පුතා එක්ක සෙල්ලම් කරන්න වගේම එයා එක්ක කාලය ගතකරන්න ලැබුණේ නැහැ වෙනදා වගේ. මම එයාට කාටූන් එහෙම ෆෝන් එකෙන් දාලා දුන්නා බලන්න. එයත් කාටූන් බලනවා මම පොඩි එක්කෙනාගේ වැඩ කරනකොට. හැබැයි කාලයක් යද්දී එයාට ෆෝන් එක නැතිවම බැරි වුණා. කෑම කවන්න ගියාමත් එයා ෆෝන් එකෙන් කාටූන් බලන ගමන් කෑම කෑවේ.’

‘ප්‍රශ්නේ පටන් ගත්තේ මොන්ටිසෝරි යන්න පටන් ගත්තම. මට මොන්ටිසෝරි එකේ ටීචර් දවසක් කිව්වා පුතා සමහ‍ර වෙලාවට කතා කරන්නේ නැහැ. ඒ වගේම එයාට තරහා යනවා කියලා. ගෙදරදීත් ෆෝන් එක ඉල්ලලා කාටුන් දාලා දුන්නේ නැත්නම් එයා අඬලා එයාගේ අවශ්‍යතාව කරගන්නවා. මේක ගැන පස්සේ අපි කල්පනා කරලා බැලුවා, ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා. ඒ ඩොක්ටර් කිව්වා හෙමීට ලොකු පුතාව ෆෝන් එකෙන් ඈත් කරන්න කියලා. දැන් මම එයා එක්ක පුළුවන් තරම් කාලේ ගතකරනවා. පොඩි පුතාත් දැන් ටිකක් ලොකුයි. ඒ දෙන්නට සෙල්ලම් කරන්න පුළුවන් නිසා.’
‘අම්මා කෙනෙක් විදිහට මට බයක් දැනුණා විතරක් නෙමෙයි ලොකු අභියෝගයක් වුණා පහුගිය අවුරුද්දක කාලය. දැන් ලොකු පුතා සාමාන්‍ය විදිහට ඉන්නවා…’ ඇය තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ එලෙස විස්තර කළාය.

‘මතක ශක්තියට බලපෑම් වෙන්න පුළුවන්’
කුඩා දරුවන් සහ යෞවන වියේ පසුවන දරුවන් වැඩි කාලයක් ඩිජිටල් උපකරණ භාවිත කිරීමට පෙලඹීම හරහා ඔවුන්ගේ මානසික සංවර්ධනයට මෙන්ම මතක ශක්තියටද බලපෑම් එල්ල කිරීමට හැකියාවක් පවතින බව ගාල්ල රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුමි රූබන් අදහස් දක්වමින් පැවසීය.

‘ඩිජිටල් උපකරණ, විශේෂයෙන් ඩිජිටල් තිර සමග කටයුතු කරන කොට ඒවා දීර්ඝ කාලයක් භාවිත කරන කොට මතක ශක්තියට හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන් මනස වැඩෙමින් පවතින කුඩා දරුවන්ගේ, යෞවනයන්ට තමයි මේකෙන් වැඩි හානියක් සිද්ධ වෙන්නේ.’

‘මේ වයස් සීමාවේදී තමයි දරුවන්ගේ මොළය වර්ධනය වෙන්නේ. මෙවැනි වයස් කාණ්ඩවලදී දරුවන් අසීමාන්විත විදිහට ඩිජිටල් උපකරණ භාවිත කිරීමට යොමුවුණොත් ඒකෙන් ලොකු බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මේකෙන් දරුවා පරිසරය සමග ගැටීමෙන් ලබාගන්නා උත්තේජනය අවම වීම නිසා ඔවුන්ට එය බලපාන්න පුළුවන්.’

‘ඩිජිටල් උපකරණ බහුලව භාවිත කිරීම නිසා දරුවන්ගේ තර්කන හැකියාව, නිර්මාණශීලිභාවය, කෙටිකාලීන මතකය අහිමිවීම වගේම දෙයක් නැවත මතක් කිරීමට ඇති හැකියාව අවම වෙන්න පුළුවන් කියන කාරණා විද්‍යාත්මක පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා.’

‘ඒ වගේම කුඩා දරුවන් වගේම යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් දීර්ඝ කාලයක් ඩිජිටල් උපකරණ භාවිත කිරීමට පෙලඹීම හරහා ඔවුන් ඊට ඇබ්බැහි වීමට තිබෙන හැකියාවත් ඉහළයි. සමහර වෙලාවට ඔවුන්ට ඩිජිටල් උපකරණය නොලැබුණොත් තරහා යන්න, දුක දැනීම, මතක ශක්තිය අඩුවීම වගේම අවධානය රඳවා තබාගැනීමට නොහැකි වීම යන ලක්ෂණ අත්දකින්න පුළුවන්. ඒ නිසයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නෙ වයස අවුරුදු 12ට අඩු දරුවන්ට මොනම හේතුවක් නිසාවත් ඩිජිටල් උපකරණ යූස් කරන්න දෙන්න එපා කියලා. ඒ වගේම වයස අවුරුදු 12 ඉඳලා 16 වෙනකම් වයස් කාණ්ඩයේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට හැර සමාජ මාධ්‍ය භාවිත කරන්න ඩිජිටල් උපකරණ භාවිත කරන්න දෙන එක ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරනවා. මේක ඕනම මවුපියෙක්ටම හොඳ අවස්ථාවක් අනුගමනය කරලා බලන්න…’ විශේෂඥ වෛද්‍ය රුමි රූබන් පැවැසීය.

කුඩා දරුවන් පමණක් නොව තරුණ වියේ පසුවන අයට ද වැඩි කාල වේලාවක් ඩිජිටල් උපකරණ භාවිත කිරීම නිසා මුහුණ දීමට සිදුවූ අත්දැකීම් පිළිබඳ එම වයස් සීමාවේ පසුවන කිහිපදෙනකු අප සමග සිය අත්දැකීම් බෙදාගනු ලැබුවේ මෙලෙසිනි.

‘අපි අඩු වයසින්ම ලෙඩ්ඩු වෙලා’
පරිගණක මෘදුකාංග කේෂ්ත්‍රයට සම්බන්ධ 32 හැවිරිදි වියේ පසුවන නිර්මානී එදිරිසූරිය කියා සිටියේ රැකියාව හේතුවෙන් තමන් අද වන විට ශාරීරිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්ව සිටින බවයි.

‘මම දැන් ජොබ් එක කරන්න පටන් අරගෙන අවුරුදු 06ක් වෙනවා. ඒත් දැන් හිතෙනවා අපරාදේ මේ ජොබ් එක තෝරගත්තේ කියලා. දවසකට අඩුම පැය 10ක් ජොබ් එක නිසා මහන්සි වෙන්න වෙනවා. කම්පියුටර් එක ගොඩක් වෙලාවක් යූස් කරද්දී මගේ දකුණු අතේ උරහිසේ ඉඳලා ඇඟිලි වෙනකම් හිරිවැටෙන්න පටන් ගත්තා මීට අවුරුදු 3 කට වගේ උඩදී. සමහර වෙලාවට ලොකු වේදනාවක් ඇතිවෙනවා ඒ අතේ. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා බලලා කිව්වේ කම්පියුටර් එක ගොඩක් වෙලා යූස් කරන අයට මේ වගේ මසල් පේන් එකක් එනවා කියලා.’

‘දැන් මම බෙහෙත් බොනවා. මට දැනෙන්නේ අඩු වයසින්ම අපි ලෙඩ වෙලා කියලා. ඒක ශාරීරික වගේම මානසිකවත් ලොකු ප්‍රශ්නයක් එක වෙලාවකට….’ ඇය පැවැසුවාය.

මේ අතර ග්‍රැෆික් නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කරන 34 හැවිරිදි කසුන් චන්දිම කරුණාරත්න අදහස් දක්වමින් පැවැසුවේ තමන්ට ගතවූ වසර කිහිපය තුළ අවස්ථා කිහිපයකදී ශාරීරික අබාධ සඳහා ප්‍රතිකාර ගැනීමට සිදුවූ බවයි.

‘මම ජොබ් එකක් කරන්න පටන් අරන් දැන් අවුරුදු 12කට ආසන්න වෙනවා. දවසකට පැය 10කට වැඩි කාලයක් කම්පියුටර් එකේ වැඩ කරනවා. ඊට පස්සේ නිදාගන්න ගියාමත් පැයක් දෙකක් ෆෝන් එක බලන් ඉන්නවා. කාලෙක ඉඳලා මගේ කොන්දේ, බෙල්ලේ වගේම අතේ ලොකු වේදනාවක් ඇතිවෙනවා. මේක මුලින්ම මම එච්චර ගණන් ගත්තේ නැහැ. කාලයක් යද්දී මට වේදනාව ඉවසන්න බැරුව ගියා.’

‘මුලින්ම බටහිර වෛද්‍යවරුන් ළඟට ගියා. දැන් දේශීය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නවා.’ කසුන් චන්දිම කරුණාරත්න පැවැසුවේය.

‘නිදාගැනීමට පවා බාධා ඇතිවෙන්න පුළුවන්’
මේ අතර විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පැවැසුවේ රාත්‍රී කාලයේ නින්දට පෙර වැඩි කාලයක් ඩිජිටල් තිර දෙස බලා සිටීමෙන් ඕනෑම වයස් කාණ්ඩයක පසුවන පුද්ගලයකුට තම නින්දට විවිධාකාරයේ බලපෑම් එල්ල වීමේ හැකියාවන් පවතින බවයි.

‘ඩිජිටල් තිර දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියම ඒකෙන් ලැබෙන ආලෝකය නිසා පුද්ගලයකුගේ මොළයට ලැබෙන උත්තේජනය හරහා ඔහුගේ හෝ ඇයගේ ස්වභාවික නින්දට හානියක් ගෙන එනවා. ඒ වගේම නින්දේ කාලයට බලපෑම් එල්ල වීම වෙනවා. මේ නිසා ඒ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයන්ගේ නිදාගැනීමේ කාලයට බලපෑම් එල්ල වීම හරහා විවිධ මානසික පීඩාවන්වලට ලක්වීමේ අවදානමක් තියෙනවා.’

‘නිදාගන්න පැය දෙකකට කලින් ඉඳලා ඩිජිටල් උපකරණවලින් ඈත්වෙලා ඉන්න එකෙන් මේ වගේ ගැටලුවලින් මිදෙන්න පුළුවන්…’ ඔහු පැවැසුවේය.

ආබාධ අවම කරගන්න මෙම උපදෙස් පිළිපදින්න
ඩිජිටල් උපකරණ දීර්ඝ වෙලාවක් භාවිත කිරීමේදී පුද්ගලයන්ට ශාරීරිකව සිදුවන ආබාධ මගහරවා ගැනීමට කටයුතු කළ යුතුයැයිද විශේෂඥ වෛද්‍ය රූමි රූබන් අවධාරණය කළේය.

‘ගොඩක් වෙලාවට එක දිගට මේ ඩිජිටල් උපකරණ භාවිත කිරීමට පෙලඹීම හරහා පුද්ගල ස්ථුලභාවය ඇති වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි අපේ එදිනෙදා කරන කාර්යයන් සීමා වීම. අනෙක් කරුණ තමයි ඇස්වලට ඇති වෙන්න පුළුවන් හානිය. ගොඩක් වෙලාවට ඩිජිටල් තිර දිහා බලන් හිටියම මේක වෙන්න පුළුවන්.’

‘ඒ වගේම මාංශපේශි වේදනාව, කොන්ද ආශ්‍රිතව හටගන්නා විවිධ ආබාධ මේ අතර තියෙනවා. දවසකට පැය ගණනාවක් ඩිජිටල් උපකරණ එක්ක වැඩකරන කෙනෙක් නම් ඒ අය එදිනෙදා පොඩි ව්‍යායාම්වල යෙදෙන්න අමතක නොකළ යුතුයි. ඒ වගේම ඩිජිටල් තිරවලින් නිකුත් වෙන අධික ආලෝකය අවම කරන ෆිල්ටර් යූස් කරන්න කටයුතු කරන්න.’

‘දීර්ඝ කාලයක් එකම ඉරියව්වෙන් වැඩ කරන්න එපා. වැඩ කරන ගමන් කෙටි විවේක කාලවල් ලබාගන්න පුරුදු වෙන්න. තමන් ඉන්න ඉරියවු වෙනස් කරන්න වගේම රැකියාව කරන තැන පොඩි වෙනස්කම් කරන්න පුරුදු වෙන්න….’ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් පැවැසීය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

අනුර කරන හැමදේටම ‘හරි.. හරි..’ කියනවද? ‘වැරදියි.. වැරදියි..’ කියනවද? සජබය විපක්ෂය කරන හැටි මරික්කාර් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තුනෙන් දෙකේ බලයත් අතේ තියාගෙන සාකච්ඡා මේසයට වාඩිවූ අනුර IMF ප්‍රධානීන්ගෙන් ලොකු ඉල්ලීමක් කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.