වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.Sri Lanka Latest News
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, වාහනයක් නතර කළ පසු පළමු විනාඩි 10 නොමිලේ බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පාලිත නානායක්කාර මහතා,
“රථගාල් පාලනය කලමණාකරනය කිරීම තුළ වාහනයක් නතරකළ සැනින් ගාස්තුවක් ගෙවන්න නීතියක් නෑ පනවලා. වාහනයක් නතර කරලා පළවෙනි විනාඩි 10 නොමිලේ.
වාහනයක් නවත්වන වෙලාව දාලා චිට් එකක් දෙන්න පුළුවන්. විනාඩි දහය ඉක්මවා ගියොත් තමයි ඒ පුද්ගලයාට රුපියල් 70ක මුදලක් අයකරන්න නියම කරලා තියෙනනේ. ඊට වඩා මුදලක් ගන්න කිසිසේත්ම බෑ.
ඒ වගේම පෝය දිනවල සහ විශේෂ නිවාඩු දිනවලදී අපි අයකිරීම් සිද්ධ කරන් නෑ”.










