• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා මුදල් ඇමැතිවරු රාජ්‍ය රහස් වගේ රැක්ක අයවැය රහස්! එන්.එම්. තමයි නියම පාඩම ඉගැන්නුවේ! අයවැය රහස් හෙළිකළ ‘දවස’ කර්තෘ ඇතුළු පිරිසකට වරප්‍රසාද කමිටුවට එන්න වෙයි! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුවේ ප්‍රථම අයවැය තවත් දින දෙකකින්, එනම් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යවරයා වශයෙන් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට නියමිතයි. Sri Lanka Latest News

2025 මුදල් වර්ෂය වෙනුවෙන් මෙසේ අයවැය මෙම වසරේදී ඉදිරිපත් කරනු ලබන්නේ 2024 අග ජාතික මැතිවරණ දෙකක් පැවැත්වුණු නිසා එම මැතිවරණ දෙකෙන් අනතුරුව පත්වන ආණ්ඩුවට නව අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය වන කාලසීමාව ලබාගැනීම හේතුවෙනි.

කෙසේ වෙතත් අයවැය ලේඛනයෙහි වඩාත්ම වැදගත් කොටස වන්නේ අයවැය යෝජනාය. මෙම යෝජනාවලට කියන්නේ අයවැය රහස් කියාය. අයවැය යෝජනා රැගෙන එනු ලබන සූට්කේසයට කියන්නේ අයවැය රහස් රැගෙන එන රහස් පෙට්ටිය කියාය.

ගුවන් යානයක පටිගත කිරීමේ සියලු රහස් පවතින්නේ ගුවන් යානාවේ කළු පෙට්ටියේය. ගුවන් යානා අනතුරකින් පසුව හැමෝම සොයන්නේ එම ගුවන් යානයේ කළු පෙට්ටියයි. (නවීන තාක්ෂණයේ දියුණුවත් සමග කළු පෙට්ටිය වාගේම තොරතුරු රැසක් ගුවන් සමාගමේ සහ අදාළ ගුවන් තොටුපළවල සන්නිවේදන අංශවල පටිගත වන්නේය.)
ගුවන් යානයකට කළු පෙට්ටිය වැදගත් වන තරමටම අයවැය සහිත රහස් සූට්කේසය රටක ආර්ථිකයට මෙන්ම අනාගතයට ඉතා වැදගත් වන්නේය.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අයවැය රහස් කෙබඳු වේද? මුළු රටම බලා සිටින්නේ 17 වැනිදාට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාය. නොඑසේ නම් අයවැය රහස් ගැනය.

රාජ්‍ය සේවක වැටුප් රුපියල් කීයකින් වැඩිවේද? බදු සහන ජනතාවට ලැබෙන්නේ කුමන ක්ෂේත්‍රවලින්ද?
නව බදු අයකරනු ලබන්නේ එසේත් නැතහොත් බදු සංශෝධනවලට ලක්කරනු ලබන්නේ කුමන ක්ෂේත්‍රද? මේ සියලු කරුණුවලට ‘අයවැය රහස්’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඇයි? ඒවා තවදුරටත් අයවැය රහස් යනුවෙන් හැඳින්වීමට පුළුවන්කමක් තිබෙනවාද යන කාරණය සමාජය හමුවේ ඇත.

වසර 10ක් 15ක් පමණ කාලයක සිට අයවැය රහස්, රහස් වශයෙන්ම තබාගැනීමට නොහැකි වී ඇති බව ඉතිහාසය දෙස බලන විට පෙනේ.

සමාජ මාධ්‍ය ඇතුළු ඩිජිටල් මාධ්‍ය විසින් සමාජය දැඩි ලෙස ආක්‍රමණය කිරීමත් සමග අයවැය රහස්ද රැකගැනීමට හිටපු ජනාධිපතිවරුන්ටද අසීරු වීමෙන් පෙනී යන්නේ නව මාධ්‍ය රටේ විධායකයටද කෙතරම් බලපෑමක් කරන බව නොවේද?

අයවැය රහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරුම රහස් වශයෙන් පවත්වාගෙන යෑම එදා සිටම මෙරට නොව බොහෝ රටවල පාර්ලිමේන්තු ක්‍රමය තුළ තිබුණු දැඩි සම්ප්‍රදායකි.

අයවැය රහස් රැකීම නීතියක් නොවුණත් එය දැඩි සම්ප්‍රදායක් ලෙස පවතින්නේ කරුණු කාරණා රාශියක් හේතුවෙනි.

අයවැය රහස් එළියට ගියොත් එමගින්ද අවාසියක් සිදුවන්නේ මෙරට පොදු මහජනතාවටයි.

අයවැය රහස් මගින් ඉදිරිපත් කරනු ලබන බදු සංශා්ධන හා රටේ ආර්ථිකයට බලපාන යෝජනා මෙරට වෙළෙඳ ප්‍රජාව දැනගතහොත් ඔවුන් ඊට කල් තියා සූදානම් වනු ඇත.
උදාහරණයක් ලෙස අයවැයෙන් දුම්වැටියක මිල රුපියල් 5කින් වැඩිකරන බවට තීන්දු කළ අයවැය රහසක් එළියට ගියහොත් සිදුවන්නේ කුමක්ද? කල් තියාම දුම්වැටි අලෙවි කරන ඒජන්සිකරුවන්, අලෙවිකරුවන් පරණ තොග මිලට දුම්වැටි එක්රැස් කොට අයවැයෙන් පසු සිදුවූ මිල වැඩිකිරීමත් සමගම පැරැණි මිලට අමතරව නව මිල සංශෝධනයෙන් විශාල ලාභයක් ලබාගන්නවා නොඅනුමානයි.

මෙය දුම්වැටිවලට පමණක් නොව ඕනෑම භාණ්ඩයකට වුවද පොදුය. ආනයන අපනයන භාණ්ඩ සම්බන්ධයෙන් පනවන බදුවලට සහ සංශෝධනය කරනු ලබන බදුවලටද මෙය පොදුය.

එම නිසා ඒ කාලයේදී අයවැය රහස් අනිවාර්යයෙන්ම රහස්ම විය.

50-60 දශකවලදී අයවැය රහසක් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කුමන හෝ ආකාරයකින් පිටවූයේ නම් මුදල් ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ප්‍රබල මතයක් එකල පැවැතිණි. එය නීතියක් නොවුණද එය ප්‍රබල සම්ප්‍රදායක් විය. එම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට එවක සිටි මුදල් අමාත්‍යවරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ද තිතට වගබලා ගැනීම විශේෂත්වයකි.

60 දශකයේ මුදල් අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු කරමින් ඉන් අනතුරුව 60 දශකයේම පාර්ලිමේන්තුවේ සේවයට පැමිණි ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන ලෝරන්ස් ජයකොඩි මහතා එදා අයවැය සකස් කළ ආකාරය අයවැය රහස් රැකපු ආකාරය සහ අයවැය ඉදිරිපත් කළ ආකාරය ගැන මෙසේ අදහස් දැක්වීය.
‘1960-65 ආණ්ඩු කාලේ අයවැය වාගෙම හරිම විශේෂ දේවල් සිදුවුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දරපු මේ ආණ්ඩුව රට පාලනය කරපු වසර 5ට මුදල් අමාත්‍යවරු හතර දෙනෙකු හිටියා. ඒක විශේෂ කාරණයක්.

මුලින්ම මුදල් ඇමැති ධුරය දැරුවේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා. හාල් මිල වැඩිකිරීමට යෝජනාවක් ගෙනාවා. ඒකට දැඩි විරෝධයක් එල්ල වුණු නිසා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඊට පස්සේ මුදල් ඇමැති වුණේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු සභානායක සී.පී. ද සිල්වා මහතා. ඔහුත් වැඩිකල් මුදල් ඇමැතිකම කළේ නැහැ. යම් දේශපාලන කාරණා හේතුවෙන් සී.පී. ද සිල්වා මහතාත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඊට පසුව මුදල් අමාත්‍ය ධුරය භාරගත්තේ පී.බී.ජී. කළුගල්ල මහත්තයා. ඔහුටත් මුදල් ඇමැති ධුරය කරගෙන යන්න බැරිවුණු නිසා ඒ මහත්තයටත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සිදුවුණා.

ඊට පස්සේ මුදල් අමාත්‍ය ධුරයට පත් වුණේ ටී.බී. ඉලංගරත්න මහත්තයා. ඒ කාලෙදී මුදල් වර්ෂය තිබුණේ දැන් වාගේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා නෙවෙයි. ඒ කාලේ මුදල් වර්ෂය වශයෙන් හඳුන්වනු ලබන්නේ ඔක්තෝබර් 01 ඉඳලා ඊළඟ වසරේ සැප්තැම්බර් 30 දක්වා කාලයයි.

ඒ අනුව 1963-64 මුදල් වර්ෂය වෙනුවෙන් ටී.බී. ඉලංගරත්න මහතා ඉදිරිපත් කළ අයවැය සුවිශේෂ වනවා. ඒ දක්වා පාර්ලිමේන්තුවට පළමු වතාවට මුළු අයවැයම සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළේ ටී.බී. ඉලංගරත්න මහතායි.

ඒ අයවැය යෝජනා සකස් කිරීමට ආර්ථික විශේෂඥයකු ලෙස උපදෙස් ලබාදුන්නේ ජයන්ත කැලේගම මහතායි. ඒ මහතාට අයවැය යෝජනා සකස් කිරීමට සහාය ලබාදුන්නේ ආචාර්ය පී.බී. කරඳවෙල මහතා.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකටයි. පළමු කොටසෙන් ආර්ථික ප්‍රතිපත්තිමය කාරණා ඉදිරිපත් කරනු ලබනවා. තේ විවේකයෙන් අනතුරුවයි අයවැය යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ. එහෙම අයවැය යෝජනා ඉදිරිපත් කරනකොට තමයි මුළු රටම දැනගන්නේ අයවැය යෝජනා මොනවද කියලා.
අයවැය යෝජනා, ඒ කියන්නේ අයවැය රහස් සාමාන්‍යයෙන් දැනගන්නේ කැබිනට් මණ්ඩලයේ දෙදෙනකු පමණයි. ඒ කාලයේ නම් අගමැතිතුමා සහ මුදල් ඇමැතිතුමා පමණයි මුළු කැබිනට් මණ්ඩලයෙන්ම අයවැය රහස් ගැන දන්නේ.

ඒ කාලේ ජනාධිපති ධුරය තිබුණේ නැහැ. රාජ්‍යයේ ප්‍රධානියා ආණ්ඩුකාරතුමා වුණත් ඔහුත් අයවැය රහස් ගැන දන්නේ නැහැ. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති සහ මුදල් ඇමැති පමණයි ඒ ගැන දන්නේ.

කැබිනට් මණ්ඩලයත් අයවැය රහස් ගැන දන්නේ අයවැය ඉදිරිපත් කිරීමට පැයකට හෝ දෙකකට කලින්. අයවැය යෝජනා ගැන දැනුවත් කිරීමට අයවැය ඉදිරිපත් කිරීමට ටික වේලාවකට පෙර අයවැය වෙනුවෙන්ම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබනවා.

මට මතකයි 1963-64 මුදල් වර්ෂය වෙනුවෙන් ටී.බී. ඉලංගරත්න මුදල් ඇමැතිතුමා අයවැය සකස් කරපු හැටි. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි මුදල් ඇමැති ටී.බී. ඉලංගරත්න මහත්තයයි විතරයි දේශපාලනඥයන් හැටියට අයවැය රහස් දැනගෙන හිටියේ.

මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමැතිතුමාගේ නිල කාමරයේම කොටසක තමයි අයවැය අන්තිම යෝජනා ටයිප් කරලා රෝනියෝ කරන්නේ. ආචාර්ය ජයන්ත කැලේගම, ආචාර්ය පී.බී. කරඳවෙල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මුදල් අමාත්‍යාංශයේ ඉතා සීමිත නිලධාරීන් හා සේවකයන් කිහිප දෙනකු පමණක් එතැන වැඩ කළා. මමත් හිටියා.
රෑ 8.00ට විතර අයවැය යෝජනා ටික රෝනියෝ කරනවා. රෑ 12.00ට රෑ 1.00ට විතර වෙනකොට සේරම වැඩ ටික අවසන් වෙනවා. ඊට පහුවදා මුදල් ඇමැතිතුමාට ඒවා භාරදෙනවා.

1964-65 මුදල් වර්ෂය වෙනුවෙන් අයවැය ඉදිරිපත් කළේ එවක මුදල් ඇමැති ධුරය දැරූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා. ඒක ඇන්.ඇම්. පෙරේරා මහතාගේ මුල්ම අයවැය. ඒ අයවැය සකස් කිරීමටත් මුදල් අමාත්‍යාංශයේදී මා සම්බන්ධ වුණා.

අයවැය රහස් එළියට ගැනීමට එක්තරා පුවත්පතක් යම් උපක්‍රමයක් යෙදුවා. අයවැය රහස් ගැන ඉඟි පළකරන අයට මුදල් ත්‍යාග ලබාදෙනවා කියලා ප්‍රචාරයක් යැව්වා. මට මතක විදියට ‘දවස’ පුවත්පතයි ඒ දේ කළේ. කොහොම හරි මේ ආරංචිය දැනගෙන ‘දවස’ පුවත්පතට එරෙහිව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන්න මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා කටයුතු කළා.

‘දවස’ පුවත්පතේ කර්තෘ ඇතුළු පිරිසකට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ පෙනීසිටීමටත් සිදුවුණා.
අයවැය රහස් පිටකිරීම පමණක් නොව ඒවා පිටකිරීමට උත්සාහ කිරීමත් බලවත් වරදක් බව ඒ සිදුවීමෙන් පෙනීයනවා.

ඇන්.ඇම්. පෙරේරා මහතා මුදල් ඇමැති වශයෙන් නිතරම කියූ දෙයක් තමයි අයවැය රහස් කල්තියා දැනගැනීමෙන් රටේ පොදු මහජනතාවට සිදුවන්නේ අවාසියක් කියලා. මොකද මහා ව්‍යාපාරික සමාගම් ඇතුළු වෙළෙඳ ප්‍රජාව අයවැය රහස් දැනගත්තොත් කල්තියාම ඒගොල්ලන් සූදානම් වෙලා විශාල ලාභ ලබාගැනීමට කටයුතු කරනවා. එතකොට රටේ පොදු මහජනතාවට අයවැය රහස්වල වාසිය ලැබෙන්නේ නැහැ. ඒක හැමදාටමත් වලංගු දෙයක් කියලා මං දැඩිව විශ්වාස කරනවා.

එක පාරක් මරු වැඩක් ආචාර්ය. ඇන්.ඇම්. පෙරේරා මහත්තයා කළා.
සාමාන්‍යයෙන් දුම්වැටි, මත්පැන් මිල අයවැයෙන් වැඩිකරනවානේ. මේ නිසා දුම්වැටි හා මත්පැන් බෙදාහරින සමාගම් සහ වෙළෙඳ ඒජන්සි අයවැයට සතියකට පෙර ඉඳලා දුම්වැටි මත්පැන් තොග රැස්කරලා අයවැයෙන් වැඩිකළ මිලට විකුණලා අයුතු ලාභ ලබාගන්නවා.

එහෙම තොග රැස්කරගෙන ඉන්නකොට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැතිතුමා එක පාරටම අයවැයෙන් දුම්වැටි මිල අඩුකළා. ඒජන්සිකාරයන්ට හා අයුතු ලාභ ලබන කට්ටියට කටඋත්තර නැතිවුණා. එදා පාර හොඳ පාඩමක් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැති ලෙස ඉගැන්නුවා.

එක පාරක් තවත් අමුතු වැඩක් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයා මුදල් ඇමැති ලෙස කළා.

සමහර වෙළෙඳ ව්‍යාපාරිකයන් මුදල් බැංකුවලට දාන්නේ නැතුව හංගගෙන හිටියා. සේප්පුවල දාගෙන. ඔවුන් ටැක්ස්වලින් බේරෙන්න එවැනි ක්‍රම කළා. මේ හංගගෙන ඉන්න මුදල් එළියට ගන්න ඇන්.ඇම්. පෙරේරාට ඕනෙ වුණා. ඒකට ඔහු හොඳ උපක්‍රමයක් යොදලා එක පාරටම අයවැය යෝජනාවක් ගෙනවා නිශ්චිත දවසක් නම්කරලා එදාට සියලු මුදල් නෝට්ටු අවලංගු වෙනවා, ඊට කලින් පෙරණ නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු ලබාගන්න කියලා.

රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපාන එවැනි දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට නම් අයවැය රහස් රැකිය යුතුමයි. එහෙම අයවැය රහස් රැකුණොත් තමයි අයවැය යෝජනාවල නියම ප්‍රතිලාභ රටට හා රටේ පොදු මහජනතාවට ලැබෙන්නේ.

1965 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වුණාම මුදල් ඇමැති වුණේ යූ.බී. වන්නිනායක මහතා. ඔහුත් ඉතා හොඳ මුදල් අමාත්‍යවරයෙක් වුණා. විදේශ විනිමය හිමිකම් පනත අයවැය යෝජනාවලට ඇතුළත් කරලා ඔහු විශාල සේවයක් මේ රටට සිදුකළා.

ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට බත් දුන් පියා ලෙස නම පටබැඳුණෙත් අයවැය යෝජනාවකින්. හාල් සේරුව ශත 25, ශත 35 කරන්න යෝජනාවක් ආවා. ඒකට එවක අගමැතිගේ උපදේශක ආචාර්ය ගාමිණී කොරයා මහතා විරුද්ධ වුණා. දුප්පත් මිනිස්සුන්ට ඒක දරාගන්න බැහැ කියමින් ගාමිණී කොරයා මහතා යෝජනාවක් ගෙනාවා පළමු හාල් සේරුව නොමිලේ, දෙවැනි හාල් සේරුව ශත 70යි කියලා. ඒක දුප්පත් මිනිස්සුන්ට සහනයක් වෙලා ඩඩ්ලි බත් දුන් පියා බවට පත්වුණා….’

තොරතුරු සැපයීමේදී සහාය ලබාදුන් පාර්ලිමේන්තුවේ විශ්‍රාම ලත් සහකාර හැන්සාඩ් සංස්කාරක ලෝරන්ස් ජයකොඩි මහතාට ස්තුතියි.


ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

කොළඹ පාකින් ටිකට් ජාවාරමට අහුවෙන්න එපා! නවත්තපු ගමන් සල්ලි දෙන්න යන්නත් එපා! විනාඩි 10ක් නොමිලේ නවත්තගෙන ඉන්න පුළුවන්! පෝය දවස්වල විශේෂ නිවාඩු දිනවල ටිකට් කඩන්නත් බෑ! I Sri Lanka Latest News

Next Post

සජබ-යූඑන්පී එකට පුංචි ඡන්දෙට අපේක්ෂකයෝ තෝරන කතාව පට්ටපල් බොරුවක්! සජබෙ සියලුම දිස්ත්‍රික්කවලට අපේක්ෂකයෝ තෝරන්න නාමයෝජනා මණ්ඩල පත්කරයි! මෙන්න ඒ ලයිස්තුව! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.