ටික්ටොක් වීඩියෝවක් රූගත කිරීම සඳහා නාවලඩි කලපුවේ ඔරුවක ගමන් කළ තරුණයන් 6 දෙනෙකු කොල්ලෑව කැඩී ඔරුව පෙරළී යාමෙන් දියේ ගිලී තිබේ. (Sri Lanka Latest News)
මොවුන් හය දෙනාගෙන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති අතර, හතරදෙනකුගේ දිවි බේරාගැනීමට හැකියාව ලැබී තිබේ.
පෙරේදා (08) සවස සිදුවූ මේ අනතුරෙන් මියගොස් ඇත්තේ මඩකලපුව, මාමන්ගම, ආනන්දපුරම් හී පදිංචිකරුවෙක් වන කේ. තිරුජන් (18) නමැති අය සහ මඩලකපුව, බාවිත්තර පාර, ශිලාමුනේ පදිංචිකරුවෙක් වන ටී. කිරුෂාන් (19) නමැති දෙදෙනාය.
මෙහිදී සිවු දෙනකු පිහිනා ගොඩබිමට ගොස් දිවි බේරාගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුර සිදුව ඇත්තේ නාවල් අඩි කලපුවේ ඊස්ට් ලැගුන් හෝටලය පිටුපස කොටසේ බව පොලිසිය කියයි.
dinamina










