• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් රට ගොඩගන්න හැටි මහනුවරදී කියයි! PHOTOS I Sri Lanka Latest News

October 10, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
රනිල් රට ගොඩගන්න හැටි මහනුවරදී කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බව පැවසීය.Sri Lanka Latest News

සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල් එම දියුණුව උදාකරගෙන ඇත්තේ මිනිස් බලය නිසි ලෙස භාවිතයට ගැනීමෙන් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මහනුවර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ එක්වෙමිනි.

මහල් හතකින් සමන්විත මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය විද්‍යාගාර පහසුකම්, සම්මන්ත්‍රණ ශාලා, පර්යේෂණගාර මෙන්ම නේවාසික පහසුකම්වලින් ද සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර විශ්වවිද්‍යාලය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිසු සිසුවියන්ගේ තොරතුරු විමසීය.

ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසු ජනාධිපතිවරයා සිසුන්ගේ දක්ෂතා දැක බලා ගැනීමට ද එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සීග්‍රයෙන් වර්ධනය වන ඉතා තරගකාරී, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක් මෙන්ම හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අනාගත වැඩපිළිවෙළ බවයි.
ඊට අවශ්‍ය තාක්ෂණ දැනුම සහිත උපාධිධාරින් බිහි කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කරන අතරම නව රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය

අද ලෝකයේ තාක්ෂණ විප්ලවයක් සිදු වෙමින් පවතිනවා. ඒ තාක්ෂණ විප්ලවයේ විශාල කොටසක් අයත් වන්නේ බටහිර රටවලටයි. කුඩා කොටසක් දියුණු වන රටවලට අයත් වෙනවා. එයින් චීනය ඉවත් කළොත් එම ප්‍රමාණය තවත් අඩු වෙනවා.

1977 අප ඇගළුම කර්මාන්තය සමඟ මෙරට අනාගතය ගොඩනැගීම ආරම්භ කළා. අද ඇඟළුම් කර්මාන්තය තවදුරටත් පුළුල් කළයුතුව තිබෙනවා.
දැන් අපේ අනාගතය වන්නේ තාක්ෂණය පදනම්කරගත් කර්මාන්ත ක්‍රමයක්. ඒ වගේම තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්ම ක්‍රමයක් වගේම තාක්ෂණය පදනම් කරගත් සේවා ක්‍රමයක්. අපි එම ඉලක්කයට ගමන් කළයුතුයි.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන අවසන් වීමෙන් පසුව ආණ්ඩුවේ ඉදිරි ගමන ප්‍රකාශයට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමුව අපි සීග්‍රයෙන් වර්ධනය වන ඉතා තරගකාරි තාක්ෂණය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් ඇති කළයුතුයි. දෙවනුව ඩිජිටල් ක්‍රමය පදනම් කරගත් ආර්ථිකයක් ඇති කිරීමට මෙන්ම තෙවනුව හරිත ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා.

හරිත ආර්ථිකය පිළිබඳ වැඩසටහන්වලට අද ලංකාව ඇතුල් වී ඒ පිළිබඳව පුළුල් වැඩකොටසක් භාරගෙන තිබෙන බව ද සිහිපත් කළයුතුයි.
මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමටනම් අපට අලුත් අධ්‍යාපන ක්‍රමයක් වගේම දැනුම අවශ්‍යයි. ඒ සඳහා පවතින විශ්වවිද්‍යාල නවීකරණය කළයුතුයි වගේම අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි.

රජයේ වගේම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් එම විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ලාභය නැවත විශ්වවිද්‍යාල වෙත ආයෝජනය කෙරෙන ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම ලාභය බෙදාහරින විශ්වවිද්‍යාලත් ඇති කළ හැකියි.
මෙම විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහනදායී පොළියකට ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත් අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම රජයේ නොවන අංශවලින් විශ්වවිද්‍යාල කිහිපයක් සහ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළයුතුයි. රජය මගිනුත් නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. කුරුණෑගල මෙන්ම සීතාවක සහ තවත් ප්‍රදේශයක විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාල සෑම එකකටම අවම වශයෙන් මණ්ඩප දෙකක් ඇතුළත් වෙනවා. මේ වසර තුළ එම සැලසුම් සකස් කර අවසන් කරන බව කිවයුතුයි.

මෙම වැඩකටයුතු ක්‍රියාත්මක කරන අතරම මහනුවර පිළිබඳව ද අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කළේ මෙම මහනුවර ප්‍රදේශයේ. නමුත් එහි තත්ත්වය පිළිබඳ අද සතුටු විය නොහැකියි.

එදා ආසියාවේ හොදම විශ්වවිද්‍යාලය බවට පත්ව තිබූ ලංකා විශ්වවිද්‍යාලය අප් රටේ පළමු දශක තුන හතරේ නිදහස ඉදිරියට ගෙන යාමට පුළුල් දායකත්වයක් ලබා දුන්නා. එසේනම් මෙම විශ්වවිද්‍යාලය අප නැවත දියුණු කළයුතුයි.

ඒ වගේම චෙන්නායි IIT ආයතනයේ මණ්ඩපයක් මහනුවර ආරම්භ කිරීම පිළිබඳ මම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. පසුව එය වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කාලගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය කොත්මලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තවත් විශ්වවිද්‍යාලයක් පොල්ගොල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීම පිළිබඳව දැනට සාකච්ඡා කරගෙන යනවා.

මෙම වැඩසටහන් සමග මහනුවර තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත්වන බව කිවයුතුයි. ඒ වගේම වෘත්තීය පුහුණ මධ්‍යස්ථාන වෙනුවට වෘත්තීය විද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. උපාධිධාරීන් පමණක් නොවයි, සෑම අංශයකම පිරිස් අපට අවශ්‍යයි. එම දියුණුව සමග අප ඉදිරියට යා යුතුයි.

ශ්‍රී ලංකාවේ අපට ආර්ථික වශයෙන් සුවිශේෂව තිබෙන්නේ භූගොලීය පිහිටීම සහ මානව සම්පත පමණයි. අපට වෙන කිසිවක් නැහැ. සිංගප්පූරුව, හොංකොං වැනි රටවල් ඉදිරියට ගියේ මිනිස් බලයෙන්. ඇයි අපට මිනිස් සම්පතින් ඉදිරියට යා නොහැකි.
හරිත ආර්ථිකයක්, ඩිජිටල්ආර්ථිකයක් මෙන්ම තාක්ෂණ ආර්ථිකයක් සමග ඉදිරියට යාමට අප කටයුතු කරමු. ඒ සඳහා අවශ්‍ය ආයතන ව්‍යුහය තමයි මේ ගොඩනඟන්නේ. මේ සියල්ල ආණ්ඩුවට තනිව කරන්න බැහැ. අද මෙම කටයුතු සඳහා දායක වූ ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතා පිළිබඳ බැලූ විට රටට හොද අනාගතයක් ගොඩනැගිය හැකි බව පේනවා. මෙතැන පමණක් නොවෙයි, මොරටුව, පේරාදෙණිය, යාපනය වැනි ඉංජිනේරු තාක්ෂණ ආයතනවල විද්‍යා ශිෂ්‍යයන් ඉතා දක්ෂතා පෙන්වා තිබෙනවා. අප එම දක්ෂතා සමඟ ඉදිරියට යා යුතුයි.
එහිදී අපට මෙම ඓතිහාසික මහනුවර ප්‍රදේශයත් තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකියි. ඒ වගේම මහනුවර කේන්ද්‍රකර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳවත් අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා. අපේ රටේ අගනගරයක් මෙන්ම සංස්කෘතියේ වැදගත් පුරවරයක් වූ මෙම ඓතිහාසික මහනුවරට නව තාක්ෂණයෙන් ජිවයක් ලබාදෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, වෛද්‍ය රාජිත සේනාරත්න, රාවුෆ් හකීම්, හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම , සරත් අමුණුගම යන මහත්වරුන් ද SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ කුලපති සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරු ඇතුළු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-10

SendShareShare
Previous Post

Tik Tok කරන්න නාවලඩි කළපුවේ ඔරු පැද්ද දෙන්නෙක් දියේ ගිලී මරුට! Sri Lanka Latest News

Next Post

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් දොට්ට! පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට ලියුම යවයි! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.