වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවැසීය.
ඊට මේ මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වය යටතේ වාහන මිල තවත් ඉහළ යනු ඇති බව වාහන ගෙන්වන්නන්ගේ මතය වී ඇත.
කොවිඩ් වසංගතය තත්වය සමඟ මතු වූ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වාහන ආනයනය පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ.










