විනය පරීක්ෂණයක සාක්ෂි විමසීම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
ඒ පසුගිය කාලවකවානුවේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව සිදුකෙරෙන විනය පරීක්ෂණයකට අදාලවයි.
ඒ අනුව අද (08) දිනයේදී වෛද්‍යවරයාව ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහ කරුණු විමසීම සඳහා මෙලෙස කැඳවා තිබෙනවා.
පසුගිය 04 වැනිදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 15 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ බිහිසුණු බස් අනතුරේදී තුවාලකරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔහු විසින් දැඩි කැපකිරීමක්ද සිදුකරනු ලැබුවා.










