කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක DP IT Campusහි 127 වැනි ආයතනය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනෙහි විවෘත විය.Sri Lanka Latest News
ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ සබරගමු පළාතේ උප ප්‍රධාන සංඝනායක හිරමඩලගම ගල්ලෙනගොඩ රජමහා විහාරය, ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය, පන්නිල ශ්‍රී විවෙිකාරාම විහාරත්රයාදිපති, රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතන පරිවේණාධ්යක්ෂ , ශ්‍රී පාදස්ථානයේ හිටපු භාරකාර ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මදින්න ශාස්ත්‍රවේදී පූජ්‍ය දම්පහල සීලානන්ද නාහිමිපාණන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.