අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ අසපුවෙහි “ඩීපී එඩියුකේෂන් ඒ.අයි., කෝඩින් හා රොබොටික්ස් කැම්පස්” දියත් කිරීම 2023 ජුනි මස 05 වන දින ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
සුබෝධි නාහිමියන්ගේ අනුශාසනාවෙන් පසු අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා සදහන් කළේ මේ රටේ දරුවන් ඉගෙන ගතහොත් රටේ ණය බර එතරම් ලොකු ණය බරක් නොවන බවකි.
එමනිසා පළමුව දරුවාට ඉගැන්විය යුතු බවත්, ඒ හරහා පවුල ගොඩනැංවිය හැකි බවත්, පසුව ග්‍රාමසේවක කොට්ඨාසය ගොඩනංවා දිස්ත්‍රික්කය ගොඩනැංවිය හැකි බවත් පෙරේරා මහතා කීය.
අම්පාර දිස්ත්‍රික්කය ඒ අයුරින් දියුණු වුවහොත් නවීන පහසුකම් සහිත රෝහල්, සුපිරි වෙළෙද සංකීර්ණ ආදී සියල්ල අම්පාරට පැමිණෙනු ඇති බවද ඒ මහතා කීය.
අම්පාරේ මේ විවෘත කෙරුණේ 22 වැනි DP CODING පාසලය.
මෙම පාසල මගින් සිසුන් 1,600කට පරිගණක අධ්‍යාපනය ලබාදෙනු ලබන අතර, මෙහි පරිගණක සංඛ්‍යාව 42කි.
එක් පාඨමාලාවක වටිනාකම ලක්ෂ 25ක් වන අතර එය දෑවුරුදු පාඨමාලාවක් වේ.
DP CODING Dammika Perera



















