• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙරණ හිමිකරු දිලිත් ජයවීරගේ අලුත් දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
දෙරණ හිමිකරු දිලිත් ජයවීරගේ අලුත් දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සතුටු දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නව්‍යකරණයේ පෙර මග සලකුණු සනිටුහන් කරන මව්බිම ජනතා පක්ෂයේ ජාතික මූලස්ථානය අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 දරණ ස්ථානයේ දී පක්ෂ නායක දිලිත් ජයවීර මහතා‌ගේ ප්‍රධානත්වයෙන්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණ.Sri Lanka Latest News

ශ්‍රී ලංකා දේශපාලන අවකාශය තුළ ඇතිවී තිබෙන වර්තමාන රික්තකය සාධනීය ලෙස සපුරාලීමේ අරමුණින් කෙටිකාලීන හා දිගුකාලීන ආර්ථික, සමාජ, දේශපාලන තිරසාරත්වය නැවත ළඟා කර ගැනීමත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සතුටු දැයක් නිර්මාණය කිරීමත්, මව්බිම ජනතා පක්ෂයේ පෙර දැක්ම වී ඇත.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා එම පක්ෂ මුලස්ථානය විවෘත කරමින් සිය පක්ෂයේ ඉදිරි ගමන්මග සහ වැඩපිළිවෙළ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.” අද සුවිශේෂී දිනයක් , ”සතුටු දැයක්” නිර්මාණය කිරීමේ තේමාව යටතේ සුහුරු ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව, ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම බල ගැන්වීම වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ ජාතික මුලස්ථානය විවෘත වෙනවා. මේ රට ව්‍යවසායකයන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. නිදහසින් පසු අපේ රට තුළ දිගින් දිගටම ඇතිවූ සමාජ, ආර්ථික දේශපාලන තත්ත්වයන් පිටුපස තිබු ජාතික උපාය මාර්ගික ප්‍රවේශයන් හි අඩුව පුරවාලමින් ඉහළ දේශපාලන සාක්ෂරතාවයකින් හෙබි ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කළ යුතු වෙනවා. එමගින් සහභාගිත්ව දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තුවනවා.

ශ්‍රී ලාංකික අපගේ ජාතික සභ්‍යත්වය පිළිබඳ පොදු නිර්වචනයක් තුළින් මේ වන විට විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාති, ආගම් වශයෙන් බෙදී ඇති මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කළ යුතුයි. එහිදී සියලු දෙනාම එකම රටක් තුළ එකම හද ගැස්මකට ඇතුළත්, එකාවන්ව නැගී සිටින හැඟීම ඔවුනොවුන්ට දැනෙන ජාතික මතවාදයක් ජන ගත කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ හැඟීම තුළින් දීර්ඝ කාලයක් පුරා අප මුහුණ දෙමින් සිටින අන්‍යොන්‍ය අවිශ්වාසය තුරන් කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් අපි මව්බිම ජනතා පක්ෂය හරහා ඉදිරියේදී දියත් කිරීමට සූදානම්” යැයි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද මව්බිම ජනතා පක්ෂයේ ඉදිරි දැක්ම මෙසේ සඳහන් කළේය. ”විශේෂයෙන්ම කෙටි කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික පසුබෑම නැවත සුබවාදී දිශානතියකට හරවාලීම උදෙසා විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් සහ විද්‍යානුකූල දැක්මක් සහිත ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කළ යුතුයි. එමගින් දුර්මත මත පදනම් වූ යෝජිත වෙනස්කම් වෙනුවට වඩාත් ප්‍රශස්ත විසඳුම් මාලාවක් සාකච්ඡාවට භාජනය කළ යුතු වනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රට හැරයාම වළක්වාලමින් සුහුරු ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය සැදී පැහැදී කටයුතු කිරීමට සුදානමින් සිටිනවා. ”

මෙම අවස්ථාවට සහභාගී වූ මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා ද අදහස් දක්වමින් පක්ෂයේ ක්‍රියාපටිපාටිය පිළිබඳ මෙසේ පැවසීය. ”මේ මාතෘභූමියේ දේශපාලන අවකාශය තුළ අන් මත නොඉවසීමේ සංස්කෘතිය වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සියලු අදහස් වෙත විවෘත මනසකින් සවන් දිය හැකි සමාජයක් සහ ඒ හරහා ප්‍රශස්ත වූත්, සහෘද වූත්, දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.”යැයි පැවසීය.

SendShareShare
Previous Post

‘ගිවිසුම ගැන අපි දන්නේ නෑ!’ ලංකාවයි චීනයයි ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත්සන් කළා කියපු ගිවිසුම ගැන IMF ප්‍රධානී පීටර් බෲවර් කියයි! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ කවදාවත් වෙච්ච නැති දෙයක්! දොස්තරවරු ඇවිත් සෞඛ්‍ය අමාත්‍යංශය වටකරයි! පොලිසිය ඇවිත් දොස්තරවරු වටකරයි! තත්ත්වය උණුසුම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.