ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර අස්සන් තැබූ ගිවිසුම පිළිබදව මෙතෙක් තමන් දැනුවත් කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් පවසා ඇත.Sri Lanka Latest News
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අද දිනයේ මේ බව වාර්තා කරමින් පෙන්වා දී ඇත්තේ සියලුම ණය හිමියන් එක් වේදිකාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකගතාවකට පැමිණිය යුතු බව පීටර් බෲවර් සදහන් කළ බවකි.










