2011/32 දරන චක්‍රලේඛනය අනුව කුඩාඔය ද්විතීයික පාසල් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ 6-13 පාසලක් ලෙස නම් කර ඇත.Sri Lanka Latest News
2015 වසරේදී 1 සිට 5 වසර දක්වා පංති පැවැත්විමට ප්‍රාථමික පාසලක් මාර්ග දෙකකින් ප්‍රවේශවීමට සැතපුමක් හා සැතපුම් එක හමාරක් දුරින් ස්ථාපනය කර මේ පාසල මේ වන තෙක් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබයි.
2023 වසරේ ද්විතියික පාසලේම පළමු වසර පංතියක් පළාත් ව්‍යුහ කමිටුවේ අනුමැතියකින් තොරව ආරම්භ කර මේ වන තෙක් පවත්වාගෙන යනු ලබනවා. එම පන්තිය පවත්වාගෙන යෑම පළාත් අධ්‍යාපන ව්‍යුහ කමිටුවේ අනුමැතියකින් තොරව හා රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පවා නොමැතිව ද්විතියික පාසල තුළ පවත්වාගෙන යෑමට නොහැකි බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පැවසිය.
රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව ප්‍රාථමික අංශය ද්විතියික පාසල තුල ආරම්භ කළ නොහැක. ප්‍රාථමික විද්‍යාලය වසා දැමීම කළහොත් මිලියන ගණනක මුදල් අවභාවිතා විය හැකිය. ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් කරමින් නිසි අනුමැතියය නොමැතිව 1 ශ්‍රේණිය ද්විතියික පාසලේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
නුදුරේදීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන නිසා මේ මොහොතේ කිසිදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමා සියලුම පළාත් සභාවලට උපදෙස් ලබා දී තිබෙන බවද, ඉදිරියේදී පාසල් දෙක වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.