• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණ නායකයන් 120 දෙනෙක් එක්ක අමෙරිකානු තානාපති කාර්යාලය සංවිධාන කළ 2024 තරුණ සංසද නායකත්ව සමුළුව අවසන් වෙයි! I Sri Lanka Latest News

March 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

එක්සත් ජනපද තානාපති කාර්යාලය, කලාපයේ සෑම දෙසකින්ම පැමිණි තරුණ නායකයින්, වෙනසක් ඇති කරන්නවුන් සහ දූරදර්ශී නියමුවන් 120 දෙනෙක් ඒකරාශී කරමින් පවත්වන ලද 2024 තරුණ සංසද නායකත්ව සමුළුව සමාප්ත කරන ලදී. ගෝලීය අභියෝග පිළිබඳ සංවාදයක් සඳහා පහසුකම් සැලසීම, ව්‍යවසායකත්ව ගුණාංග හා සමාජ වගකීම පෝෂණය කිරීම, සහ සමාජය තුළ සර්වග්‍රහණය ප්‍රවර්ධනය කිරීම එම සමුළුවේ අරමුණ විය. බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින්, නේපාලය සහ පකිස්තානය යන දකුණු ආසියානු රටවල ඉදිරි පරම්පරාවේ නායකයින් මෙන්ම, කොළඹ, මහනුවර, යාපනය, මාතර සහ මඩකලපුවේ පිහිටි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු අවකාශයන් පහට සහභාගිවන තරුණ නායකයින් සවිබලගැන්වීම සැලසුම් කරගෙන මෙම සමුළුව සංවිධානය කර තිබිණි.Sri Lanka Latest News

මාර්තු 7 වැනි දින පැවති සමුළුවේ සමාප්ති අවස්ථාවට සහභාගිවෙමින් එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය, තම ප්‍රජාවන් තුළ සාධනීය වෙනසක් ඇතිකිරීම සඳහා තමන්ගේ ශක්තිය භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළාය, “මේ සතිය අපූරු ගමනක් වූවා! විවිධ සංස්කෘතීන් වෙත සමීප වීමේ සිට පවතින තත්වය වෙනස් කිරීම දක්වා ඔබ සිදුකළ දේවල් හරහා ‘කිසිවක් නොකර සිටීමට වඩා කුමක් හෝ කිරීම සුදුසුයි’ යන්න ඔබ පෙන්නුම් කර තිබෙනවා. මෙවැනි කුසලතා පෝෂණය කරන්නටත් මේ කලාපය මුළුල්ලේ හෙට දිනයේ නායකයින් කෙරෙහි ආයෝජන කරන්නටත් හැකිවීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වෙනවා. ඔබ ඔබේ ප්‍රජාවන්ට සහ ඉන් ඔබ්බට ගෙන එන සුවිශේෂී බලපෑම් දැකගන්නට මම උනන්දුවෙන් සිටිනවා. තරුණ සංසද නායකත්ව සමුළුව සාර්ථක කරගන්නට දායක වූ සියළුම කථිකයින්, උපදේශකයින් සහ පහසුකම් සලසන්නන් වෙත මගේ ස්තුතිය!”

මාර්තු 4 වන දින පැවැත්වූ ප්‍රධාන දේශනය හේමාස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය විසින් පවත්වන ලද අතර, ඇයගේ පෞද්ගලික ජීවන ගමන පිළිබඳව සඳහන් කරමින් සෑම අභියෝගයක් හෝ අසාර්ථකත්වයක්ම අවස්ථාවක් ලෙස සලකමින් වැළඳ ගත් ආකාරය ඇය සඳහන් කළාය. මාර්තු 5 වැනි දා සමුළුවේ “තානාපති කාර්යාල දිනය” වූ අතර එදින සහභාගිවන්නන් එක්සත් ජනපද තානාපති කාර්යාලයට ගොස් කාර්ය මණ්ඩලය සමඟ ආදර්ශ වීසා සම්මුඛ පරීක්ෂණ, ආත්මාරක්ෂක සැසි සහ ව්‍යාපෘති කළමනාකරණ අභ්‍යාස යනාදියෙහි නිරත වූහ. සමුළුව හරහා සතිය පුරාම, තරුණ නායකයින්ට ඔවුන්ගේ නව්‍ය අදහස් ඉදිරිපත් කිරීමට වේදිකාවක් සැපයූ අතර විචාරාත්මක නායකත්ව කුසලතා ඔප්නැංවීම සඳහා නිර්මාණය කර ඇති අන්තර්ක්‍රියාකාරී සැසි මාලාවක් ඊට ඇතුළත් විය. කථා පැවැත්වීම, ව්‍යවසායකත්වය, AI තාක්‍ෂණය සහ කණ්ඩායම් කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවල සිට විවිධත්වය වැලඳ ගැනීම, ගැටළු විසඳීම සහ සදාචාරාත්මක නායකත්වය පිළිබඳ වැඩමුළු දක්වා, සහභාගිවන්නන් ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ නවීන ලෝකයේ සාර්ථක වීමට අවශ්‍ය මෙවලම් වලින් සන්නද්ධ විය. කොළඹ 14 විජයබා මහා විද්‍යාලයේ සේවා ව්‍යාපෘතියකින් මෙම සමුළුව අවසන් වූ අතර එහිදී සහභාගිවන්නන් විසින් පාසලේ පුස්තකාලය, විද්‍යා සහ සංගීත කාමර නඟා සිටුවීමේ මුලපිරීමක් සහ ආහාරයට ගත හැකි භෝග උද්‍යානයක් රෝපණය සඳහා කටයුතු කරන ලදී.

සියළුදෙනා ඇතුළත් කරගැනීම නොහොත් සර්වග්‍රහණයේ වැදගත්කම අවධාරණය කළ මේ වසරේ තරුණ සමුළුවට මඩකලපුවේ සිට ශ්‍රවණ දුෂ්කරතා සහිත තරුණ නායකයින් සම්බන්ධ වූ අතර සෑමදෙනාගේ පූර්ණ සහභාගීත්වය තහවුරු කරගනු වස් සංඥා භාෂා පරිවර්තන සේවාව ලබා දී තිබිණි. සංඥා භාෂා පරිවර්තන සේවය ඇසුරින් තම අදහස් දැක්වූ ජෆ්රි හතීම් තරුණ නායකයා කෘතිම බුද්ධිය පිළිබඳව, ආත්මාරක්ෂාව, සහ සංස්කෘතීන් අතර සන්නිවේදනය සම්බන්ධයෙන් පැවැත්වූ සැසි පිළිබඳව අගය කළේය: “මගේ ජීවිතයේ තරුණ නායකයකු වශයෙන් ඉදිරියට යෑම සඳහා මේ අත්දැකීමෙන් මට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙනවා.”

අවසාන වශයෙන්, නේපාලයේ සිට සමුලුවට සහභාගී වූ සයිරස් ෂර්මා තරුණ නායකයා පැවසුවේ, “අපි එකට ගත කළ කාලය ගැන මෙනෙහි කරන විට, අපි අද්විතීය, ගැඹුරු දෙයක් අවබෝධ කර ගත් බව සිතෙනවා – අපගේ සංස්කෘතීන් සහ පසුබිම්වල වෙනස්කම් තිබියදීත්, අපි මිනිසා සෑදූ දේශසීමාවලින් ඔබ්බට අපව එක්සත් කරන පොදු පොදු හුයක් තිබෙනවා. දකුණු ආසියාවේ සාමූහික ප්‍රයත්නයට ලෝකයේ සැබෑ වෙනසක් ඇති කිරීමට බලය තිබෙන බව මතක තබා ගනිමින් සැමට දීප්තිමත් අනාගතයක් කරා අපි එක්ව කටයුතු කරමු.”

තරුණ සංසදය පිළිබඳව: එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තරුණ සංසදය සර්වග්‍රාහී නායකත්ව ගුණාංග විදහා දක්වන, වයස අවුරුදු 18 සිට 25 දක්වා වයස්වල විවිධ වූ ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත වේ. විවිධ පසුබිම්වල තරුණ වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් සමන්විත සෑම තරුණ සංසද කණ්ඩායමක්ම නායකත්ව කුසලතා ඔප්නැංවීමට, ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥතාව ලබා ගැනීමට සහ සහයෝගී විසඳුම් හරහා ප්‍රජා අවශ්‍යතා සපුරාලීමට කැපවී සිටිති. තවද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු අවකාශ පහ අඛණ්ඩ නායකත්ව සංවර්ධනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර, වසර පුරා ඉගෙනීමට, හුවමාරු කර ගැනීමට සහ බලපෑම්කාරී මුලපිරීම් සඳහා එම මධ්‍යස්ථාන සහ පියැසි ඔස්සේ අවස්ථා ලබා දෙයි. ඇමෙරිකානු පියැසි සහ තරුණ සංසදයේ අනාගත ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ කොළඹ ඇමෙරිකානු මධ්‍යස්ථානය, යාපනය, මහනුවර, මාතර ඇමෙරිකානු පියැසි සහ මඩලකපුව අයිහබ් කේන්ද්‍රය අනුගමනය කරන්න.

SendShareShare
Previous Post

කුඩාඔය ප්‍රාථමිකය වසා දැමීම! ද්විතීයික පාසල් ආරම්භ කිරීම! ඌව පළාත් අධ්‍යාපන ලේකම් විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි! I Sri Lanka Latest News

Next Post

මාර වැඩක්! ටුවරිස්ට් වීසා අරගෙන ලංකාවට ආපු රුසියන්කාරයොයි යුක්‍රේන්කාරයොයි දකුණේ හෝටල්වල රස්සා කරනවා! බිස්නස් කරනවා! ත්‍රීවීල් දුවනවා! ඩොලර් මාරු කරනවා! නොකරන දෙයක් නෑ! වේටර් වැඩේ පවා කරනවා! අපේ සංචාරක කර්මාන්තකරුවන් නන්නත්තාරයි! සංචාරක ඇමැතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.