මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තම ආරක්ෂාව සම්බන්ධයෙන් හෙට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට අයදුම්පතක් ගොනු කිරීමට නියමිතය.
සමරවික්‍රම මහතාගේ නීතීඥ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා කියා සිටියේ තම සේවාදායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීම සඳහා මෙම අයදුම්පත අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කර ඇති බවයි.
මෙම නඩුවේ ප්‍රගතිය පිළිබඳව පොලිසිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට තවදුරටත් කරුණු ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.










