ලබන 21 වන සඳුදා දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මඟින් සමස්ථ රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් රජය කටයුතු කිරීමට එරෙහිව එම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම සංගමය පැවසීය.
ජාතික වැටුප් ප්‍රතිපත්තිය බිඳවැටීම නිසා උද්ගතව ඇති වර්තමාන වර්ජන රැල්ල සඳහා සෘජු වගකීම රජය භාරගත යුතු බවත්, එය විසඳීම සඳහා ඇති එකම ක්‍රියාමාර්ගය කැබිනට් පත්‍රිකා මඟින් වැටුප් පිළිබඳ තීන්දු තීරණ ගැනීම නවතා ජාතික වැටුප් කොමිසමට යොමු කර ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම පමණක් බවත් එම සංගමය පෙන්වා දෙයි.










