ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ, තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බවය.
මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශවලින් ජනතාවට දැනුම්දී තිබුණි.
“මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සමේ ගැටති රෝගය ව්‍යාප්ත වෙමින් පවතිනවා. විශේෂයෙන්ම වයඹ, උතුරු මැද පළාත්වල මේක සීඝ්‍රයෙන් පැතිරිලා දැන් මධ්‍යම පළාතටත් ඇවිල්ලා. මධ්‍යම පළාතෙන් බස්නාහිර පළාතටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ ගැන අවධානය යොමුකරන්නේ රටේ කිරි නිෂ්පාදනයට විශාල ගැටලුවකට මුහුණපාන්න වෙනවා. නිෂ්පාදනය මේ සතුන්ගේ විශාල වශයෙන් අඩුවෙනවා. ඒත් එක්ක මේ රෝගය ආවට පස්සේ මේ සතුන්ට ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. ආහාර ගැනීම අඩුවෙනවා. විශේෂයෙන් කුඩා සතුන් මියයනවා. මේක ආර්ථික වශයෙන් හානිදායක රෝගයක් බවට පත්වෙමින් පවතිනවා. වෛරස් රෝග පාලනය කරගැනීම සඳහා එන්නත් කරලා ඒ රෝග මර්දනයට කටයුතු කළ යුතුයි. මේ එන්නත මධ්‍යම, වයඹ, ඌව වගේ කිරි නිෂ්පාදනය ඉහළ ප්‍රදේශවලවත් මේක ලබාදීම සිදුවිය යුතුයි මේ සමේ ගැටති රෝගය පාලනය කිරීම සඳහා…”
Cattle skin tumor disease Western Province










