ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මැතිවරණ සඳහා ජනතා උනන්දුවක් නැති බව කිසිසේත් පිළිනොගන්නා බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා පිළි නොගන්නා තත්වයකට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.
අද (12) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමෙන් උත්සාහ ගත්තේ යම් ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ බලය හීන කරන්න දැයි සැකයක් මතුවන බවත්, මොන උප්පරවැට්ටි දැම්මත් ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඒ වෙනුවෙන් විපක්ෂය එකාමෙන් කටයුතු කරන බවත් ඒමහතා පැවසීය.
G L PEIRIS