‘SL-Vlogs’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. Sri Lanka Latest News
2023 වසරේ දී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා ඔහු මෙම නඩුව පවර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම නඩුව සඳහා නීතීඥ තමිලා පෙරේරාගේ උපදෙස් මත ඩිලාන් නාලක සමඟ තිෂ්‍ය වේරගොඩ යන නීතීඥවරුන් බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටීමට නියමිතව සිටිනවා.
ප්‍රහසන ශිල්පිනියක වන නතාශා එදිරිසුරිය විසින් ප්‍රහසන වැඩසටහනක දී සිදු කළ ප්‍රකාශයකින් බුදු දහමට අපහාස වී ඇති බවට චෝදනා කරමින් එය විකාශය කිරීම මුල් කරගනිමින්, බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය පසුගිය වසරේ මැයි මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් දෙදෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කළ බවට නීතිපතිවරයා අධිකරණයට දැන්වීමෙන් පසුව බෲනෝ දිවාකර සහ නතාෂා එදිරිසූරිය 2024 ජුනි මාසයේ අදාළ නඩුවෙන් නිදහස් වුණා.








