කතානායක අශෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බව ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
කතානායකවරයාට එල්ල වී ඇති චෝදනා ගැන ඔහු විසින් සිදුකරන ප්රකාශයත් සමඟ අවධානය යොමු කරන බවද පවසන ඒ මහතා විශ්වාස භංග යෝජනාවක් ගැන කතා කිරීමට උචිත කාලය මෙය නොවන බවත් සදහන් කරයි.
කෙසේ වෙතත් විපක්ෂය ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව සාර්ථකව මුහුණ දෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.









