කථානායක අශෝක රංවල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.. Sri Lanka Latest News
ඊයේ පස්වරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
එමෙන්ම ඒ සම්බන්ධව විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීමටද යෝජනා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ කෙටුම්පත සකස් කිරීම සංබ මන්ත්‍රීවරුන් දෙදෙනකු හට පැවරීමට පක්ෂය පියවර ගෙන ඇත.
මෙම යෝජනාව ලබන 17 වැනිදා හෝ ඊට පෙරාතුව පාර්ලිමේන්තුවට බාර දීමට තීන්දු වී ඇති බවද වාර්තා වේ.









