ජනතාවගේ මූලික අයිතිවාසිකම් අනීතිකව උල්ලංඝනය කරනවා වෙනුවට ඒවා ආරක්ෂා කළ යුතු බවට රජයට බලකර සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා අරගල කළ තරුණ තරුණියන් සහ නායකයන් අනීතිව අත්අඩංගු ගැනීම තරයේ හෙළා දකින බවත් අද (12) වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටින ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය බැලීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් උදෙස් වූ පොදු ජන අරගලයට නායකත්වය ලබා දුන් දමිතා අබේරත්න මහත්මිය වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වර්තමාන රජය විසින් අනීතිකව දඩයම් කිරීම සම්බන්ධයෙන් තමා කම්පාවට පත්වන බවත් රටේ නිදහස් නිවහල් අයිතිය කිසිදු අයකුට ඉවත් කළ නොහැකි බවත් ජනතාව දඩයම් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.
වත්මන් රජය විසින් තරුණයන්, අරගලයේ නායක නායිකාවන්, සිවිල් ප්‍රජාව ඉලක්ක කර සිදු කරන මෙකී මර්දනය ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවිය යුතු බැවින් දමිතා අබේරත්න මහත්මියට කඩිනම් නිදහස ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බල කර සිටින බවද පැවසීය. ඒ වෙනුවෙන් විපක්ෂයක් ලෙස ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.
පවතින දේශපාලන යාන්ත්‍රණය වෙනස් කිරීමේ අරමුණින් සිදු කළ අරගලයට සම්බන්ධ වීම නිසා ඇය සිරගත කර ඇති බැවින් ඇය දේශපාලන සිරකරුවකු ලෙස ගත හැකි බවත් එවැනි දේශපාලන සිරකරුවන්ට මෙවැනි අනීතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි හෙයින් ඒ වෙනුවෙන් හඬ නගන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.