පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති හා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනයෙන් ඉදිකරන ලද දානශාලාව භාවනා ශාලාව සහිත ආවාස ගෘහය විවෘත කිරීම හා උන්වහන්සේගේ 80වන ජන්ම දිනයට ආශිර්වාද කිරීම වෙනුවෙන්
අද දින පැවති දානමය පිංකම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගි විය. Sri Lanka Latest News
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, මධුර විතානගේ, ප්‍රදීප් උදුගොඩ මන්ත්‍රීවරුන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් ,විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.