ලබන වසර පුරාවටම වාහන ආනයනය ඇතුළුව ආනයන සීමා කිරීමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයක් හේතුවෙන් විදුලි කාර් ආනයනය දිරිමත් කිරීමටත් ඉදිරි අයවැයෙන් සිදු කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
යෝජිත 2022 අයවැය තුළින් පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් දේශීය නිෂ්පාදනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ලබන වසර සඳහා ආනයන සීමා කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බව පැවසේ.
නොවැම්බර් අයවැයේ තේමාව වන “නිෂ්පාදන ආර්ථිකය” සාක්ෂාත් කරගැනීම සදහා සැලසුම් සකස් කෙරෙමින් පවතින අතර, කෘෂිකාර්මික, මාර්ග සංවර්ධන, වාරිමාර්ග සහ පුනර්ජනනීය බලශක්ති අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර අදාළ අමාත්යාංශ සඳහා විශාල මුදලක් වෙන් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
රාජ්‍ය අංශයේ අතිරේක වියදම් සීමා කෙරේ.
ඉඩම් සඳහා විශාල විදේශ ණය ලබා නොගැනීම සහතික කිරීම සඳහා විශාල ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය දිරිමත් කළ යුතුව ඇත.
ඒ අනුව ඉඩම් ව්‍යාපෘති සඳහා වන ආයෝඡන සඳහා ඉදිරි අයවැයෙන් වැඩි දිරි දීමනා ලැබීමට නියමිතය.










