• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් ජන්දයක් තිබ්බොත් හොඳයි! තත්ත්වෙ බලාගන්න පුළුවන්!

September 19, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
දැන් ජන්දයක් තිබ්බොත් හොඳයි! තත්ත්වෙ බලාගන්න පුළුවන්!
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායකවරයා මැතිවරණයක් තබන ලෙස ඉල්ලා ඇති බවත්, තමන්ද සිටින්නේ ඒ මතයේ බවත්, එවිට විපක්ෂයේ තත්ත්වය බලා ගත හැකි බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

පාමංකඩ ප්‍රදේශයේ පැවැති පැල සිටුවීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාර්ග දෙපස පැල මිලියනයක් සිටුවන්න අපි මුලින් තීන්දු කෙරුවා. නමුත් අපි දැන් එය මිලියන දෙක දක්වා වැඩි කළා. කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩ සටහන යටතේ සංවර්ධනය වන මාර්ග දෙපසත් මෙම හරිත සංකල්පය යටතේ පැල සිටවීමේ ව්‍යාපාරය පරිසරය රකිමින් මේ වන විට දියත් කරමින් සිටිනවා. අද අපි මෙම පාමංකඩ මාර්ගයේ පැල සිටුවිමේ ක්‍රියාදාමය පටන්ගත්තා. සමහරු මෙවැනි වැඩසටහන් දකින්න අකමැතියි. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. ඒ තමයි අපේ රටේ විපක්ෂය. ලංකාගම පාර හදනකොට කිව්වා සිංහරාජයේ ගස් සියල්ල කපනවා කියලා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරම්භ කල සංවර්ධන ව්‍යාපෘතිවල දී වන විනාශයන් වෙනවාද කියා සියැසින් දැක ගන්න ජනාධිපතිතුමා ලංකාගමට ගියා. අද වෙද්දි එම මාර්ගයේ වැඩ අවසන් වෙලා තිබෙනවා . එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ යටිතල පහසුකම් දියුණු වෙලා තියෙනවා. අපේ රජය පරිසරයට හානිවන කිසිදු තීන්දු තීරණයක් ගන්නේ නෑ. පරිසරය ආරක්ෂා කරමින් මතු පරම්පරාවටත් මේ පරිසරයෙන් ප්‍රතිලාභ ලැබෙන පරිදි තමයි මෙම සංවර්ධනය අපි සිදු කරන්නේ. ඒ නිසා එදා විපක්ෂයේ කියපු දේවල් අද සම්පූර්ණයෙන් බොරු වෙලා තියෙනවා. විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරය කාලයෙන් කාලයට මත හදන එක තමයි.

විපක්ෂ නායකවරයා මැතිවරණයක් කැදවන ලෙස කල ඉල්ලීම පිළිබදව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

මැතිවරණයක් තිබ්බොත් හොදයි විපක්ෂ නායකවරයාගේ තත්ත්වය දැන ගැනීමට. ජනාධිපති මැතිවරණය ඉවර වූ පසු මැතිවරණ තියන්න එපා, නැවත පාර්ලිමේන්තුව රැස්කරන කියලා අභියෝග කරපු නායකයා තමයි මේ විපක්ෂ නායක් ප්‍රේමදාස මහත්තයා. ඔහු විපක්ෂනායකයවරයා ලෙස සිටින තාක්කල් අපේ රජයට හොදයි. ඒක නිසා අපේ රටේ ජනතාවට වර්තමාන රජය තියෙනතාක් සහ ප්‍රේමදාස මහත්තයා විපක්ෂනායක තනතුරේ සිටින තාක් කිසිම අවාසියක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රේමදාස මහත්තයාගේ වචන නිකන් දේශපාලන වචන පමණයි. කිසිම තේරුමක් බරක් ඒ වචන වල අන්තර්ඝත වෙලා නැහැ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමා එල්ලුම්ගහ බලන්න ගිය සිද්ධිය සහ ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

මම හිතන්නේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමාට එල්ලුම්ගහ බලන්න යන්න අයිතියක් තිබෙනවා. මේ විදිහට අමාත්‍යවරයකුගේ ඉල්ලා අස්වීමක් පලවෙනි වතාවට සිදු වුණා කියන එක වඩාත් නිවැරදියි. ලෝකයේ විවිධ රටවල් වල එහෙම වෙලා ඇති. එදා කිව්වේ වරදක් සිදු උනාම වෙනත් රටවල අය නම් ඉල්ලා අස්වෙනවා මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. දැන් ඉල්ලා අස් වුණහම කියනවා ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ලොහාන් රත්වත්ත ඇමතිතුමාව ජනාධිපතිතුමා තමයි පත් කලේ. එතුමා වැරැද්දක් කරා කියලා මාධ්‍යය ප්‍රචාරය කලා. ඒ නිසා එතුමා ඉල්ලා අස් උනා. මේක ඉතාමත් හොඳ දෙයක්. එදා මහ බැංකුව කඩපු අය ඉල්ලා අස් වුණේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියලා එතුමා ඉල්ලා අස් වුණා ද. තමන්ගේ සේවකයෝ ගිහිල්ලා නෝනගේ සැලූන් එකේ වැඩ කෙරුවා කියලා ප්‍රේමදාස මහත්තයා අඩුම ගානෙ සමාවවත් ගත්තද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු වුන එක ගොඩක් හොද දෙයක්. අපි විනයක් ඇති රජයක්.

එතුමන් තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක් නේද ?

එතුමා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමාට අපරාධ චෝදනාවක් එල්ල වෙනවා නේද ?

මුලින්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. එකපාරට අපිට ඒ ගැන කියන්න බැහැ. එතුමන් ඉල්ලා අස්වෙන්නේ නැතුව, ගෝඨාභය ජනාධිපතිතුමන් එතුමාට ඉල්ලා අස්වෙන්න එපා කියලා කිව්වා නම් මොකක්ද අද තියෙන තත්වය. මේ වන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් පරීක්ෂණයක් සිදු කරගෙන යනවා ඒ පර්යේෂණයේ වාර්තා එනකන් ඉන්න වෙනවා. පරීක්ෂණ වාර්තා වලට කලින් මම මතයක් ප්‍රකාශ කරනවා නම් ඒක වැරදියි. මම එතන හිටියෙ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ එතන එහෙම සිද්ධියක් සිදු වුනාද නැද්ද කියලා. නමුත් එතුමා ඉල්ලා අස් වුණා, ඒක හොඳ දෙයක්. මම විශ්වාස කරන්නේ මේ ප්‍රවණතාවය හොඳයි කියලා.

අපේ රටට මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න තියෙන වෙලාවේ ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ මේ ක්‍රියාකලාපය කොහොමද රටට බලපාන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

මානව හිමිකම් ප්‍රශ්න අද විතරක් තිබුන දෙයක් නෙවෙයි.ඒවා මේ රටට හැමදාම තිබුණා. අපේ රජයට මේ මානව හිමිකම් ප්‍රශ්න එදා ප්‍රභාකරන්ව මරපු දවසේ ඉඳලා තිබෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ ගැටලුව මානව හිමිකම් වලට ගෙනිහින් තියෙනවා. අපි ඒ ප්‍රශ්නයටත් මුහුණ දෙමු.

පහුගිය මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔබතුමන්ලාට පාස්කු ප්‍රහාරය පිටුවහලක් වුණා කියලා කියනවා. නැවතත් එවැනිම ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා කියලා වාර්තා වෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්දව දැන් බයක් දැනෙනවා නේද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

ඒක අමූලික බොරුවක්. ජාතික ආරක්ෂාව කිසිසේත්ම බිල්ලට දෙන්නේ නැති ආණ්ඩුවක් තමයි අපේ රජය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණ ගමන් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වුණා. මොන සැලසුම් කවුරු කරන්න හැදුවත් ඒකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපිට වඩා දියුණු නවසීලන්තයේ මොකක්ද සිද්ද වුනේ. ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක් ත්‍රස්තවාදී කටයුතු වලට මුල් උනා. පසුගිය යහපාලන රජය වගේ අපේ රජය රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දෙන්න සූදානම් නැහැ. මේ රටේ ජනතාව බිල්ලට දෙන්නේ අපි සූදානම් නැහැ. අපි මේ දේවල් ගැන හොයා බලනවා. රටේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්නේ. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන කිසිම දෙයක් සිදු වන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ඉතාමත් වගකීමෙන් කියනවා.

ඔබතුමන්ලාගේ රජයෙන් සහන ලබා දෙනවා කිව්වත් තවම කිසිම සහනයක් ජනතාවට ලැබිලා නැහැ නේද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

මේ අවුරුදු එකහමාර තුල මුළු ලෝකයම කොවිඩ් ව්‍යසනයට මුහුණ දීලයි තිබුනේ. ප්‍රශ්න ඇති වුණාම ජනතාවට අපි මුදල් වලින් මුදල් වලින් ආධාර ලබා දුන්නා. රටේ සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරගෙන යනවා. සමෘද්ධිලාභීන්ට අඛණ්ඩව සහන ලබා දී ගෙන යනවා. රටේ ජනතාවක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ මේ ආණ්ඩුව මේ විදිහට හරි ආර්ථිකය රැකගෙන, රටේ ජනතාවත් රැකගෙන යන එක ලොකු දෙයක් කියලා. පහුගිය යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද මේ රට කනත්තක් වෙලා ඉවරයි. දියුණු වෙලා තිබුණ රටේ ආර්ථිකය විනාශ කරපු, මිනිස්සුන්ව නිකරුනේ මැරෙන්න ඉඩ ඇරපු ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන ආණ්ඩුව. විපක්ෂය විවිධ දේවල් කියයි. නමුත් අපේ ආණ්ඩුව පොරොන්දු උන සියල්ල ඉටු කරනවා. මේ ව්‍යසනයෙන් අපි බේරෙන්න අවශ්‍ය සැලසුම් මේ වෙද්දී සකස් කරලා අවසන්. එන්නත්කරණ වැඩසටහනේදී ලෝකයේ ඉතාමත් විශිෂ්ට රටක් බවට අද අපේ රට පරිවර්තනය වෙලා තියෙනවා. අඩුපාඩුකම් අපෙන් සිදුවෙන්න ඇති. මෙවැනි ව්‍යවසනයක් අපේ රටට අලුත් දෙයක්. ඒක අපි පිළිගන්නට ඕනැ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ රටේ ආර්ථිකය අනිවාර්යෙන් අපි දියුණු කරනවා කියලා. මොන මොන ගැටළු ආවත් ඒවට විසඳුම් අපි ළඟ තියෙනවා.

වරාය වැනි ජාතික සම්පත් නැවත් විකුණන්න යනවා කියලා ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

කිසිම ජාතික සම්පතක් විකුණන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. මමත් වරාය ඇමතිවරයා හැටියට හිටියා ඒක ආයෝජනයක්. ආයෝජකයන් මේ රටට පැමිණිය යුතුයි. එහෙම නොවී කොහොමද රටක් දියුනු කරන්නෙ. ආයෝජකයො ඇවිල්ලා ආයෝජනය කරද්දි කියනවා රටේ සම්පත් විකුණනවා කියලා. මේ හැම අතින්ම බලන්නේ මොනවහරි කියන්න. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ඔවුන් කොවිඩ් ප්‍රශ්නය තියෙන නිසා පොඩ්ඩක් දගලනවා. කොවිඩ් ප්‍රශ්නෙ විසඳුනාම එයාලගේ දේශපාලනය විනාශ වෙනවා.

වෛද්‍ය සංගම් කියනවා ඇඳිරි නීති කාලය තව තවත් දීර්ඝ කළ යුතුයි කියලා ?

මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මගේ මතය වැඩක් නැහැ ඇඳිරි නීතිය දීර්ඝ කරන්න. ජනාධිපතිතුමා වෛද්‍යවරුන් සහ විවිධ ක්ෂේත්‍ර වල නියුතු අය කියන දේවල් අහලා නිවැරදි තීන්දු තිරණ ගන්නවා. හැට නව ලක්ෂයක් ජනතාව එතුමන්ට ඡන්දය දුන්නේ නිවැරදි තීන්දු තීරණ ගන්න.

අද ආණ්ඩුවට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

අණ්ඩුවට සල්ලි තියෙනවා. එහෙම නැත්නම් කොහොමද ගෙදර සිට වැඩ කරන රාජ්‍ය සේවකයාගේ පඩිය ගෙවන්නේ. සල්ලි නැතිව තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුවටයි. අපි බංකොලොත් වෙන්නේ නැහැ. අපි අදටත් රාජ්‍ය සේවකයාට නිසි දිනට පඩි ගෙවනවා. අපි ලග නාස්ති කරන්න සල්ලි නැහැ. අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ අපේ ආදායම් අඩු මට්ටමක තියෙන්නෙ කියලා. ඒ නමුත් ආණ්ඩුව බංකොලොත් වෙලා නැහැ.

මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය මගීන් මෙම රුක්රෝපණ වැඩසටහන 2021-09-17 වන දින සංවිධානය කරන ලදී. ඩබ්.ඒ. සිල්වා මාවතේ සිට පාමංකඩ පාලම දක්වා මාර්ගය දෙපස ඇහැල, කොබෝලීල, රොබරෝසියා, මල්මුරුත යනාදී ශාක රෝපණය කරන ලදී.

මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

‘සර් එක්ක සෙල්ලම් බෑ…’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

වාහන හා භාණ්ඩ 602ක තහනම තවත් අවුරුද්දකින් දීර්ඝ කෙරේ!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.