• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CIලා සීයක් විතර බලා ඉන්න ASP තීරණය! Sri Lanka Latest News

March 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පොලිසිය කියලා කියන්නේ විශාල රාජකාරි ගොඩක් කරන තැනක්. ඇත්තටම පොලිසිය කරන්නේ පොලිසියේ රාජකාරියම නෙවෙයි. පොලිසිය ගමේ කරන හැම රාජකාරියම කරනවා. වරක් පොලිසියත් එක්ක කතාකරද්දී මට දැනුණු දේ තමයි වින්නඹු රාජකාරිය හැර අනිත් ඔක්කොම රාජකාරි ටික පොලිසියට කවුරු කවුරු හරි කෙනෙක් පවරනවා. වනජීවී එකේ වැඩ, වන සංරක්ෂණ එකේ වැඩ, මිඩ් වයිෆ්ගේ වැඩ, පවුල් සංවර්ධන නිලධාරීන්ගේ වැඩ, ගොවි නියාමකගේ වැඩ, ග්‍රාම නිලධාරීන්ගේ වැඩ, සුරාබදු එකේ වැඩ මේ ඔක්කොම පොලිසිය කරනවා. බෑ නොකියා. මේ විදියට මේ හැම දේම කරන පොලිසියට පොලිසියම සලකන විදිය හරිද? මේක අපිට දිගට දිගට ප්‍රශ්න කරන්න තියෙන දෙයක්. ලංකාවේ පොලිසියේ සී.අයි. මහත්තුරු එකසිය ගානක් නඩු දාගෙන, හිත් රිදවාගෙන තාම මග බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ට ඒ.එස්.පී. තනතුර ලැබෙනකන්. මේ අය අවුරුදු 30-40 රාජකාරි කරපු උසස් නිලධාරීන්. සමහරු හොරු අල්ලලා, සුරාබදු එකේ වැඩ කරලා, කොටිත් එක්ක ඔට්ටු වෙලා, එල්.ටී.ටී.ඊ. බලප්‍රදේශවල විශාල විදියට ජීවිතේ කැපකරපු මිනිස්සු. දැන් මේ ඒ.එස්.පී. තනතුර වෙනුවෙන් බලාගෙන හිටපු සමහර අය ජීවිතෙන් සමුඅරගෙන ගිහිල්ලා. සමහර අය මේක නිසා හිත රිදිලා රස්සාවෙන් අයින් වෙන්න තීරණය කරලා. Sri Lanka Latest News

ලංකාවේ පොලිසියට මේ විදියට වෙනස්කම් කළොත් මේ විදියේ අත්දැකීම් සහිත ප්‍රබල දක්ෂ උසස් පොලිස් නිලධාරීන් ඉතා ඉක්මනට තමන්ගේ සේවය අතහැරලා දාලා යනවා. එහෙම ගියොත් ලංකාවේ පොලිසියේ උස පුටුවල ලොකු පුටුවල ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මේක සෙල්ලමක් කියලා තවදුරටත් හිතුවොත් එහෙම වෙන්නේ ලංකාවේ පොලිසිය ඉතාම අඩු බලයක් සහිත, ශක්තියක් රහිත තැනක් බවට පත්වෙන එක. ඒකට හේතුව තමයි අත්දැකීම් සහිත නිලධාරීන් තමන්ගේ සේවය අතහැරලා දාලා යන එක.

අපි දන්න කාරණාවක් තමයි පසුගිය කාලයේ පොලිසියේ සී.අයි. මහත්තයා දක්වා තියෙන තනතුරු ටිකට උසස් වීම් ලැබෙන්නේ පුදුම විදියට. ඒ අයගේ හැකියාව මතවත්, ඒ අයගේ වෘත්තීය දක්ෂතා මතවත්, ඒ අයගේ අත්දැකීම් මතවත්, වයස මතවත්, සේවා කාලය මතවත් මේ කිසි දෙයක් මත මේවා සිද්ධ වුණේ නෑ. විවිධ සාධාරණ නොවන, පිළිගත නොහැකි මහා අද්භූත ක්‍රමවේදවලට තමයි මේ තනතුරු එදා ලැබුණේ. පහුගිය කාලේ පුරාම මේ දේශපාලන හිතවත්කම් මත, යාළු මිත්‍රකම් මත දේශපාලකයාගේ නිර්දේශ මත, දේශපාලකයාගේ ප්‍රියතාව මත මුට්ටිය අල්ලලා, වැඩිපුර සපෝට් එකක් දීලා තියෙන අයව තෝරාලා යම් යම් තනතුරුවලට දැමීම. මේ කියන්නේ හැම කෙනාම එහෙම ගියා කියන එක නෙවෙයි. ඉඳහිට මෙහෙම දේවල් සිද්ධ වුණා. ඉහළ නිලධාරීන්, දක්ෂ නිලධාරීන් තමන්ගේ හැකියාව මත ඉහළ තනතුරුවලට ගියපු අවස්ථා අනන්ත අප්‍රමාණව තියෙනවා. අපි නැහැයි කියලා කියනවා නෙවෙයි. හැබැයි එහෙම යන්න ඉන්න ගොඩ දෙනකුට යන්න බැරුව ගිය බව නම් අපි ඇස්පනාපිටම දැක්කා. මේක හොඳ දෙයක් නෙවෙයි. මේක රටකට ඇතිවිය හැකි බරපතළ ප්‍රශ්නයක් බව අපි ආයේ ආයෙත් කියනවා.

පොලිසියේ ඉහළ නිලධාරීන්ට මේ සිද්ධ වෙන අසාධාරණයට අලුතින් ආපු පොලිස්පතිතුමාවත් දැන් අවධානය යොමුකළ යුතුයි. මොකද එතුමා දන්නවා පොලිස් නිලධාරියෙක් පහළ ඉඳන් කන කට්ට. කොච්චර අමාරුවෙන්ද ඔවුන් මෙතැනට එන්නේ. ඇත්තටම ආරක්ෂක නිලධාරීන් විදියට හමුදාවට ලැබුණු ගෞරවය පොලිසියට හැම වෙලාවකම ලැබුණේ නෑ. යුද්ධයේදී ත්‍රස්තවාදීන් එක්ක ඔට්ටු වෙලා වෙඩිතියලා මරාගෙන ඒ ප්‍රදේශ නිදහස් කරගත්තේ හමුදාව. ඒක ඇත්ත. හැබැයි එල්.ටී.ටී.ඊ. එක ජීවමානව ඉන්නකොට එල්.ටී.ටී.ඊ. එක ක්‍රියාත්මක වෙනකොට ඒ ප්‍රදේශවල යුද බිමේ තමන්ගේ රාජකාරි කළේ පොලිසිය.
පොලිසියට අද වෙද්දී චෝදනා ගොඩක් එල්ල වෙලා. ඕනේ තරම් පොලිසිය අපරාධවලට කොටුවෙනවා අපි දැක්කා පහුගිය දවස්වල අපරාධකරුවෝ අත්අඩංගුවට ගනිද්දී, ඒ හා සමානවම පොලිස් නිලධාරීනුත් අත්අඩංගුවට පත්වෙන හැටි. ඒගොල්ලන්ගේ ඉතිහාසය ගැන කතාකරද්දී ඒගොල්ලෝ හිටියේ හරිම පහත් තැනක. ඒක වෙනම කතාවක්. නමුත් පොලිසිය කියලා කියන්නේ රටක පිට කොන්ද වගේ. ඒ නිසා මේ කොන්ද කඩලා මේ මිනිස්සුන්ගේ හිත් රිදවලා මේ මිනිස්සුන්ගේ දක්ෂතාවලට අවස්ථාව නොදී, මේ මිනිස්සු අසරණ කරලා මේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යන්න බෑ. මේ සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.

ලංකාවේ දක්ෂ නිලධාරීන්ගේ ලැයිස්තුව හොයලා බලලා ඒගොල්ලන්ගේ හැකියාවන් මත, ඒගොල්ලන්ගේ පොඩි පොඩි වැරැදි තියෙන්න පුළුවන්. ඒවා සලකා බලලා, ඒ අයට නිසි කලට නිසි උසස්වීම් ලබා නොදුන්නොත් නම්, ලංකාවේ පොලිසිය වැඩ බැරි ටාසන්ලගෙන් පිරිලා ඉතිරිලා යන තැනක් බවට පත්වෙනවා කියලයි අපිට හිතෙන්නේ.

ලංකාවේ ඉහළ පොලිස් නිලධාරීන් එකසිය තිස්තුන් දෙනෙක් මේ කියන ලැයිස්තුවේ ඉන්නවා. ඒ අය විවිධ ආකාරයේ සුදුසුකම් සම්පූර්ණ කරපු නිලධාරීන්. ඔවුන්ගේ අත්දැකීම් ඉතාම ඉහළ මට්ටමක තියෙන බවයි අපට ආරංචි. ඇත්තටම ASP තනතුරු ලබාදෙද්දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ නිලධාරීන්ගේ හැකියාවන්ට සහ දැනුමට බවයි අපගේ විශ්වාසය. උදාහරණයක් විදිහට ගත්තම නාකොටික්, මත්ද්‍රව්‍ය, දූෂණ වැනි කාර්යාංශවලට ASPලා පත්කරනවා නම් ඒ වෙනුවෙන් පත්වෙන්න ඕනේ අදාළ ක්ෂේත්‍රයේ පහළ නිලතලවල ඉඳලා ඉහළට වඩාත් හොඳින් කටයුතු කරලා අත්දැකීම් තියෙන අය.

අපි දන්නවා ලංකාවේ ලොකුම කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට පවා කටයුතු කරපු පීනගෙන ගිහිල්ලා කුඩු අල්ලපු නිලධාරීන්ගේ නම් ඔය ලැයිස්තුවේ තියෙනවා. උතුරේ රාජකාරි කරද්දී උසස් නිලධාරීන් විදියට පත්වෙන්න ඕනේ උතුර ගැන දන්න දෙමළ, සිංහල දෙකම කතාකරන්න පුළුවන් උතුර ගැන අත්දැකීම් සහිත නිලධාරීන්. එහෙම නොවුණොත් ඒ වැඩේ කෙරෙන්නේ නෑ. පරිවර්තකයෙක් අරගෙන රාජකාරි කරපු නිලධාරීන්ට පරිවර්තකයා කරපු දේවල් ගැන හොයාගන්න ඕනෙ නම් අපි දෙන්නම් දුරකතන අංක. කතා කරලා බලන්න. ස්ථානාධිපති සැකකරුවාට බනින්න කියනකොට පරිවර්තකයා බනින්නේ අනිත් එක්කෙනාට. ඒ වගේ ඕනෙ තරම් සෙල්ලම් තිබිලා තියෙනවා. ඒ නිසා යාපනය, කිලිනොච්චිය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඒ වෙනුවෙන් පත්කළ යුතුම නිලධාරීන් මේ ලැයිස්තුවේ ඉන්නකොට නිරපරාදේ වෙන නිලධාරීන් පත්කළාම ඒ නිලධාරීන්ට වෙන්නෙත් අසාධාරණයක්. අදාළ ප්‍රදේශයට වෙන්නෙත් අසාධාරණයක්. පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්නෙත් අසාධාරණයක්. හොයලා බලන්න අපි මේ කියන්නේ කවුරු කවුරු ගැනද කියලා.

ඒ වගේම මඩකළපුව ප්‍රදේශයේත් වැඩ රාජකාරි පහසු නෑ. කාත්තන්කුඩිය මූලික කරගත්තු මුස්ලිම් බලප්‍රදේශය වෙනම රාජ්‍යයක් කියලා අපි කියනවා නෙවෙයි. නමුත් ඒවායේ තියෙන්නේ වෙනස් ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර. ඒවා නොදන්න අය ඉහළ නිලධාරීන් වුණාම අර වගේම දෙගොල්ලොම අමාරුවේ. ඒ නිසා මේ ලයිස්තුවේ ඉන්න විභාගේ පාස්වුණු, ලකුණු තියෙන, සුදුසුකම් සහිත නිලධාරීන්ව කලකිරීමට පත්කරලා ඒ අයට පොලිස් දෙපාර්තමේන්තුවම එපාකරවලා ගෙදර යවනවාට වඩා හොඳ නැද්ද ඒ මිනිස්සුන්ගෙන් හරි ප්‍රයෝජනයක් අරගෙන ගෙදර යැව්වා නම්? වැඩ බලන පොලිස්පතිතුමනි, වැඩ පෙන්නන පොලිස්පති කෙනෙක් වෙන්න. වැඩ බැරි ටාසන්ලත් එක්ක ජීවත් වෙලා දැන් අපිට මහන්සියි. අර හැංගුණු කෙනා හොයාගත්ත දවසක අපි කියන්නම්. හැංගිමුත්තන් සෙල්ලම් කරන්නත් ගැළපෙන ASP මහත්තයෙක් මේ අය අතර ඉන්න බැරි නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බටලන්ද වධකාගාරය ගැන CIDයට පැමිණිල්ලක්! ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයකුත් බාරදෙයි! VIDEOI Sri Lanka Latest News

Next Post

රනිල් එක්ක එකතුවෙන්න ඕනෙ කියන ඔස්තාර්ලටයි සජබෙ ඉන්න රනිල්ගේ ආණ්ඩුවෙන් ඩීල් දාගත්තු එවුන්ටයි ඉතා පළපුරුදු අරණායක ලලිත් දිසානායක සුද්ද සිංහලෙන්ම කියයි! සජිත්ට ප්‍රසිද්ධියේ හොද උපදේශයකුත් දෙයි! VIDEOI Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත...

Read more
යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.