• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවකු පාසලෙන් දොට්ට දැමූ බහින්බස් වීම : අනේ මේ දරුවට දැන් ඉස්කෝලයක් කෝ?

January 27, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
දරුවකු පාසලෙන් දොට්ට දැමූ බහින්බස් වීම : අනේ මේ දරුවට දැන් ඉස්කෝලයක් කෝ?
Share on WhatsAppShare on Facebook

පාසලක ආරක්ෂක නිලධාරීන්ට බැණවැදුණු නිසා පියාගෙන් පළිගන්න දරුවා පාසලෙන් අස්කළ බව කියැවෙන පුවතක් අපට පසුගියදා අසන්නට ලැබුණා. මේ සිදුවීම වාර්තා වුණේ කුරණෑගල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර යැයි කියාගන්නා එක්තරා පෞද්ගලික පාසලකින්. මවුපියන් දරුවන්ව හදන්නේ මහා දුකක් විඳලායි. තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මවුපියන්ගේ එකම පරමාර්ථයයි. ඒ අරමුණු වෙනුවෙන් විශාල මුදලක් ගෙවලා පාසලක් තෝරාගත්තත් ඒ පාසලෙනුත් දරුවන්ට වෙන්නේ අගතියක් නම් මවුපියන් විදියට ඔවුන් කොයි තරම් නම් අසරණ වෙනවාද? ඒ වගේම පාසලේ බලධාරීන්ගේ වුවමනාවට දරුවෙක්ව පාසලකින් එළියට දානවා නම් ඒ දරුවගේ පුංචි මනස කොයිතරම් පීඩනයකට ලක්වෙනවාද? (Sri Lanka Latest News)

පාසලේ බලධාරීන්ගේ මේ ක්‍රියාදාමයට විරුද්ධව මවුපියන් පිරිසක් පසුගිය 23 වැනිදා එම පාසල අසලදී විරෝධතාවයේ නිරත වුණා. එහිදී මෙම අසාධාරණයට ලක්වූ සිසුවියකගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මෙලෙසයි.

‘මගේ බබාව පාසලෙන් අස්කරලා. අද උදේ 9.30ට මීටිමක් තියෙනවා එන්න කියලා වයිෆ් විතරයි පාසලට ඇවිත් තියෙන්නේ. දරුවාව අයින් කළ ලියුම භාරගන්න කියලා තියෙනවා. වයිෆ් කියලා තියෙනවා අපි ගෙවපු සල්ලි ආපහු දෙන්න කියලා. ඒත් ඔවුන් ඒක දෙන්නත් කැමැති වෙලා නැහැ. මගේ බබාව අස්කරලා තියෙන්නේ සිකියුරිටි කට්ටියත් එක්ක වෙච්ච බහින්බස් වීමක් නිසයි. මේ පාසලේ කිසිම සිස්ටම් එකක් නැහැ. හැම කෙනාටම ඕනෙ ඕනෙ විදියට වැඩ සිද්ධ වෙන්නේ. අපේ දරුවාට වුණු අසාධාරණය වෙන දරුවෙක්ට නොවෙන්න තමයි අපි මේ පාරට බැස්සේ. සාධාරණයක් වෙනුවෙන්…’

එම විරෝධතාවට එක්ව සිටි තවත් පියෙකු මෙලෙස පවසා සිටියා.

‘මම ඉල්ලීමක් කරනවා මේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන්ගෙන්. අද මේ දරුවාගේ අධ්‍යාපනයට මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන්න. වයඹ පළාතේ ඉන්න සියලු බලධාරීන්ගේ ඇස් මේ සිදුවීමට යොමු කරලා මේ දරුවාට සහ අපේ දරුවන්ට නිසි ක්‍රමවේදයක් යටතේ සහනයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පාසල ඉන්ටර්නැෂනල් කියලා නමින් කිව්වාට මම හිතනවා ළදරු පාසලක තියෙන කිසිම සහනයක් මේ පාසලේ මේ වෙනකොට නැහැ. අපේ මව්පියෝ එදා රැස්විමේදී සින්ක් එකක පහසුකම් සහ වැසිකිළියක පහසුකම් ඉල්ලුවා. ඔවුන් කිව්වේ සින්ක් එකක් කියන්නේ දරුවන්ට අවශ්‍යතාවක් නෙවෙයි, දරුවෝ කෑම කන්නේ හැඳි ගෑරුප්පුවලින් කියලා. එහෙමයි මේ පාසලේ පාලකයා අපිට පිළිතුරු ලබාදුන්නේ’
එම විරෝධතාවයට එක්ව සිටි මවක්ද සිය අදහස් මෙලෙස දක්වා සිටියා.

‘මේ දරුවා හතර වසරේ ඉගෙන ගන්න දරුවෙක්. පාසලේ ගාස්තු හිටිහැටියේ වැඩිකරන ප්‍රශ්නයක් ඇතිවුණා. ගේට්ටුව ගාවට ඇවිත් හිටිය මව්පියෝ තුන් හතර දෙනෙක් ඉස්සෙල්ලාම පාසල ඇතුළට ගියා. එදා දවසේ සාරි ඇඳන් හිටපු නැති අයට යන්න දෙන්න බැහැ කියලා සිකියුරිටි සර්විස් එකේ මහත්වරු දැනුවත් කළා. නමුත් හැමෝගෙම ඉල්ලීම මත හැම මවුපියෙක්ම ඇතුළට ගිහිල්ලා කතා කළා. එදා දවසේ ඩිරෙක්ටර් සර් හිටියේ නැහැ. වෙන මහත්මයෙක්ව එවලා තිබුණා රැස්වීමට. ඒ මහත්තයා මේ පාසල ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්. අපි හැමෝම ඉල්ලීමක් කළා ඩිරෙක්ටර් සර්ට කතාකරලා වෙනත් දිනයක් ලබාදෙන්න කියලා. අපි ඒ ප්‍රශ්නේ අදාළ කෙනත් එක්ක කතාකරගන්නම් කියලා. නමුත් ඊට පස්සේ සතියේ බදාදා 10.30ට එන්න කියලා අපිව දැනුවත් කළා. 10ට විතර ඇවිත් හිටිය මව්පියෝ ඇතුළට අරගෙන 10.15ට විතර ගේට්ටුව වහන්න කියලා ඩිරෙක්ටර් සර් සිකියුරිටි එකට දැනුම් දුන්නා.

එදා දවසේ මේ එළියට දැම්ම දරුවාගේ අම්මා දෙවැනි බබා ලැබෙන්න සීසර් කරන්න තිබ්බේ. නමුත් එදා ඇය මෙතැනට එන්න විනාඩි දෙක තුනක් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ එන්න දුන්නේ නැති එකට එදා‌ මේ අම්මා තාත්තා ඇතුළු 10 දෙනකු විතර බහින්බස් වීමක් වෙලා තියෙනවා. අපිට ඇතුළට යන්න දෙන්න ගනුදෙනුව සම්බන්ධව සාකච්ඡා කරගන්න තියෙනවා කියලා ඩිරෙක්ටර් සර් එන්න දෙන්න එපා කියලා කියද්දී සිකියුරිටි සර්විස් එකත් අසරණ වෙනවා. එක්කෙනෙක්ගේ කටින් පිටවෙලා තියෙනවා මේක මහ අම්මාගේ නීතියක් කියලා. ඒ සහෝදරයා දෙමළ කෙනෙක්. සිංහල ශබ්ද කරන විදිය වෙනස්. මොකක් හරි වරදක් වුණා නම් අපේ තීරණය තමයි මෙයාව ඇතුළට අරන් වෙනත් දිනයක් දෙන එක. එක පාරට දැන් එන්න කියන්න බැහැනේ.

දිනයක් දීලා වෙලාවක් දීලා සිකියුරිටි සර්විස් එකේ අපහසුතාවට පත්වෙච්ච මහත්තයාව ගෙන්නලා ඕගොල්ලෝ අතර මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියනවා මොකද්ද ගන්න තීරණය කියලා කැමැති නම් මේ මහත්තයා කියයි. මගේ කටින් මේ වගේ වචනයක් පිටවුණා සමාවෙන්න, එහෙම නැත්නම් මේ තාත්තා මගේ ළමයා මේ පාසලෙන් අස්කරගන්නවා කියලා. ඒක එයාගේ තීරණයක්. අපි අහන්නේ කොහොමද ඉගෙන ගන්න දරුවෙක් ඉස්කෝලෙන් එළියට දාන්නේ? අද ඒ දරුවාට වුණ දේ හෙට මගේ දරුවාට වෙන්න පුළුවන්. හැම මවුපියෙක්ම මුදල් වැඩිකිරීම සම්බන්ධව විරුද්ධව ඉන්නවා. නමුත් කිසිම කෙනෙක් මේකට කතා කරන්නෙ නැහැ. අහුමුලු ගානේ කතාකරනවා. කොහොම වුණත් අද ඉස්කෝලෙට ආව දරුවට ඔෆිස් එකට එන්න කියලා අස්වීම දීලා තියෙනවා. මේක මහා නින්දිත වැඩක් මේකට මොකක් හරි සාධාරණයක් ඕනේ. මේ දරුවාට කුරුණෑගල නගරේ පාසලක් දෙන්න. එච්චරයි මට නම් කියන්න තියෙන්නේ.

මේ තීරණය නිසා ඩිරෙක්ටර් සර් දරුවන්ව අස්කරන්න තීරණය කරලා තියෙනවා නම් අපි ඇඩ්මිෂන්වලට දීලා තියෙන මුදල් ආපසු ලබාදෙන්න. අපිට බොහෝ ගැටලු තියෙනවා. අධ්‍යාපනය පැත්තෙන් බැලුවත් බොහෝ ගැටලු තියෙනවා. ළමයින්ගේ සෞඛ්‍ය පැත්තෙන් බැලුවත් ගැටලු තියෙනවා. ඒවා කතාකරන්න ගියාම ඒ මහත්තයා අපේ කට වහගන්න කියනවා. ඉස්කෝලෙත් එක්ක ගැටලුවක් තියෙනවාද කියලා අහනවා. මහ පහත් විදියට මවුපියන්ට සලකන්නේ. අපි සල්ලි ගෙවලා අපේ දරුවන්ව පාසලට එවන්නේ. ඒවාට සාධාරණයක් තියෙන්න ඕනේ. ඒවා ගැන හොයලා බලන්න බලධාරීන් ක්‍රියාකරන්න. මේ පාසල කොහේ හරි තැනක ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ ආයතනවලින් මේ ගැන හොයලා බලන්න. මේ දරුවාව එළියට දාපු විදිය මහ සවුත්තුයි…’

තවත් පියෙක් මේ අසාධාරණය ගැන මානුෂීයව නොසිතූ පාසල් බලධාරීන් ගැන පවසා සිටියේ මෙවැන්නකි.

‘මේ අස්කළ දරුවාගේ මව මීටිමට ගිය වෙලාවෙත් හිටියේ දරු ප්‍රසූතියට ආසන්නව. ඒ මවට පවා අශෝභන විදියටයි කතාකරලා තියෙන්නේ. පාසලේ ප්‍රධානියා මේ පියාට ගහන්න අත උස්සලා තියෙනවා. මේ සම්බන්ධව දොරටියාව පොලිසිය දැනුවත් කරලා තියෙන්නේ. දොරටියාව පොලිසියෙනුත් ඉල්ලනවා මේ ගැන සාධාරණව සොයාබලා කටයුතු කරන්න කියලා. මේ හැම දරුවෙක්ටම සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ…’

පාසලෙන් එළියට දැමූ දැරියගේ මව දරු ප්‍රසූතියෙන් පසුව මාධ්‍යයට පැවසුවේ මෙවැන්නකි.

‘පසුගිය ජනවාරි 17 ගුරු දෙගුරු රැස්වීමක් තියෙනවා කියලා එන්න කිව්වා. රැස්වීම තියෙනවා කිව්වේ උදේ 10.30ට. මම 10.15ට විතර ආවා. ගේට්ටුව වහලා තිබුණා. සිකියුරිටි අන්කල් කිව්වා 10ට රැස්වීම පටන් අරන් තියෙන්නේ යන්න දෙන්න බැහැ කියලා. ඔෆිස් එකෙන් වහන්න කිව්වා කියලා කිව්වා. අපේ ළමයින්ගේ අඩුපාඩු තියෙනවා අපිට කතාකරන්න ඕනේ කිව්වා. නමුත් එයාලා වහලා ලොක්කරලා තිබුණා. එතැන බහින් බස්වීමක් සිදුවුණා. මට පහුවදා දරුවා ලැබෙන්න යන්න තිබුණේ. මම එහෙමම හොස්පිට්ල් ගියා.

ආයෙ පාසල් යැව්වේ 23 වැනිදා. බබාගේ නම කියලා දෙමවුපිය රැස්වීමක් තියෙනවා එන්න කියලා. නමුත් රැස්වීමක් තිබ්බේ නැහැ. ඔයාගේ ළමයා අස්කරලා තියෙන්නේ ගෙදර අරන් යන්න කිව්වා. නමුත් එක පාරටම දරුවාව මට ගෙදර අරන් යන්න බැහැ. එකපාර ඉස්කොලයක් හොයන්න බැහැ. මම අස්වීම භාරගත්තේ නැහැ. නමුත් බහින්බස් වීමෙන් පස්සේ ඔවුන් මට පහර දෙන්නත් ආවා. මම ළමයා විතරක් අරන් ගියා. මේ වගේ අසාධාරණ මගේ දරුවාට විතරක් නෙවෙයි සමස්ත දරුවන්ටම වෙන්න එපා.’

ඇත්තෙන්ම දරුවෙක් මේ ලෝකෙට ජනිත වුණා නම් ඔහුට හෝ ඇයට අධ්‍යාපනයක් ලැබීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය කවුරු හරි කෙනකු අහිමි කරනවා නම් එය කොයිතරම් අසාධාරණද? මේ දැරියගේ අධ්‍යාපයනය අහිමි කිරීම කොයිතරම් හද කම්පා කරනවද? දරුවෙක්ගේ අධ්‍යාපනය අහිමි කරන්නට පාසලක් ක්‍රියා කරනවා නම් ඇත්තෙන්ම එය සැබෑ පාසලක් විය හැකිද? පාසලක ගාස්තු 100%කින් ඉහළ දැම්මාම පවතින ආර්ථිකයත් එක්ක මවුපියන් එය දරාගන්නේ කොහොමද?

බොහෝ දෙනකුගේ මතය වන්නේ දරුවකුට අධ්‍යාපනයක් ලබාදෙන්නට නම් දරුවාගේ මනස පිළිබඳ ගුරුවරයාට මනා අවබෝධයක් තිබිය යුතුය යන්නයි. ගුරුවිද්‍යාල, විද්‍යාපීඨ තුළින් විශේෂ අධ්‍යාපනයක් ගුරුවරයා ලබාගත යුතුයි.

නිලන්ති රේණුකා

ඇත්තෙන්ම මොනයම් ප්‍රශ්නයක් දරුවකු ගැන තියෙනවා නම් පාසලක් විදියට බලධාරීන් විදියට මවුපියන් ගෙන්වා නිසි පරීක්ෂණයක් පවත්වන්න තිබුණා. නමුත් මේ බලධාරීන් කළේ පුංචි දරුවකු කාර්යාලයට ගෙන්වා පාසලෙන් අස්කිරීමේ ලිපිය ඇය අතට ලබාදීමයි. මේ දරුවා ඒ අවස්ථාවේ කොයි තරම් අසරණ වන්නට ඇත්ද? ඒ පුංචි මනසට කොයිතරම් බලපෑමක් වන්නට ඇත්ද? මේ දරුවාගේ ජීවිත කාලයේම තමන්ගේ පාසලෙන් වුණු මේ අකටයුතුකම පිළිබඳ කළු පැල්ලමක් ලෙස මනසේ රැඳී තිබේවි. ඒ පීඩනය පුංචි මනසට දරාගන්නට නොහැකි වෙයි.
මිනිස්සු හිතන්නේ ගුරුවරු කියන්නේ දෙවිවරු කියලා. නමුත් එහෙම ගුරුවරු හිටියේ අතීතයේදියි.

සීමිත ගුරු පිරිසකගේ පමණයි මානුෂීය ගුණාංග පවතින්නේ. ගුරුවරුන් පාසලේ දරුවන් තමන්ගේ දරුවන් ලෙස සිතා කටයුතු කරන්නේ නම් මෙවැනි අකටයුතුකම් පාසල් තුළ සිදුවන්නේ නැත. මෙවැනි දරුවන්ට වන අසාධාරණකම් පිළිබඳ බලධාරීන් මීට වඩා සොයා බැලිය යුතුයි. කුඩා කල අහිංසක දරුවන්ට සිදුවන වන හිංසනයන්ගේ ප්‍රතිඵල ලෙස අනාගතයට දයාද වන්නේ මානසික රෝගවලට ගොදුරුවූ දරු දැරියන් පිරිසකි. මේ පිළිබඳ වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා යැයි ප්‍රාර්ථනා කරමු.

SendShareShare
Previous Post

‘විශ්වබුද්ධි මුනිගෙයි’ ‘අවලෝකිතේශ්වර බෝධිසත්වගෙයි’ ඔළුව චෙක් කරන්න අංගොඩ මානසික රෝහලේ දොස්තරවරු ටීම් එකක්ම වැලිකඩට!  I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ඊළඟ ටුවර් එක පෙබරවාරියේ ඕස්ට්‍රේලියාවට! එතකොට මාස 18ට විදෙස් සංචාර 19යි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.