• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රේගු දිනයට එක්වෙමින් අනුර රේගුවට රුපියල් බිලියන 2550ක ඉලක්කයක් දෙයි! PHOTOS I Sri Lanka Latest News

January 28, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
රේගු දිනයට එක්වෙමින් අනුර රේගුවට රුපියල් බිලියන 2550ක ඉලක්කයක් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

“සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.

යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.

රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබේ. ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන, ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරයි.

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය

ගිය වසරේ රේගුවට පැවරී තිබෙන වගකීම ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි. පසුගිය වසරේ රේගුව අත්කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා. ආදායම් ඉලක්ක සපුරා ගැනීමෙන් පමණක් කඩා වැටුණ රටක ආර්ථිකය ගොඩනඟන්න බැහැ. ආර්ථික අර්බුදයෙන් පිය මනින්නට නම් ආදායම් ප්‍රතිශතය වැඩි කර ගත යුතුයි. ආර්ථිකය කඩා වැටීම නිසා ආනයන අපනයන වෙළඳපොළ හැකිළුණා. අප සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුවයි. එම නිසා මතුපිටින් ආර්ථික දේහය සුවපත් වී ඇති බව පෙනුණත් සම්පූර්ණ ආර්ථික දේහය තුවාල වී තිබෙනවා. එම නිසා ආර්ථික අර්බුදයෙන් සංයමයකින් යුතුව පියමැනිය යුතුයි.

කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කළ හැකියි. එම නිසා රේගු දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත රුපියල් බිලියන 2550ක ආදායම සපුරා ගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි.

රේගුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා නව වැටුප් තලයක පිහිටුවීමට යෝජනාවක් අද ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් මහ භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැය ලේඛනය මඟින් රාජ්‍ය සේවක මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය සහ තාක්ෂණය එක් කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. ශක්තිමත් ආයතන ව්‍යුහ ඇති කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් කටයුතු කරනවා.

පසුගිය දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණය සම්බන්ධයෙන් යම් ප්‍රතිවිරෝධයක් තිබුණා. එම පැවති මතභේද නිසා ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමට දේශපාලන අධිකාරිය ගෙන ආ ප්‍රතිසංස්කරණ නිවැරදි වෙලාවට සිදු කරන්නට වූයේ නැහැ. නිවැරදි වෙලාවට යහපත් ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීමට දුෂ්කර වූ කාලයක් තිබුණා. නිවැරදි වෙලාවට ආයතන ව්‍යුහ වෙනස් නොකිරීම නිසා ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අප බොහෝ දේ අත්පත් කර ගැනීමට පෙර පිටස්තරයන් අපේ දේවල් අත්පත් කර ගනු ලැබුවා. එම නිසා ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගෙන ගැනීමට තිබූ සමහර අවස්ථා රටක් ලෙස අපට අහිමි වුණා.

ඉදිරියේදී ශ්‍රී ලංකා වරාය බහාලුම් ලක්ෂ 113ක මෙහෙයුම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ සඳහා සේවකයින් සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. එසේ නොකර රටක් ලෙස ඉදිරියට යන්න බැහැ.

මේ වසරේදී රුපියල් බිලියන 2550ක ආදයම් ඉලක්කයක් රේගු දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.

විශේෂ මෙහෙවරක් සිදු කළ රේගු නිලධාරීන් 20ක් ඇගයීම සදහා ලෝක රේගු සංවිධානය නිකුත් කර ඇති සහතික පිරිනැමීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය. නිලධාරීන් දෙදෙනකු සඳහා කුසලතා සම්මානද මෙහිදී පිරිනැමිණි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගු සමරු තිළිණයක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, නීතිපති පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුද , රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ඇතුළු රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ .

ජනාධිපති මාධ්‍ය අංශය
2025-01-28

SendShareShare
Previous Post

ඉන්දියාවේ නිදහස් දින උත්සවයට සජිතුත් ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘ආපහු පොහොට්ටුවට එකතු වෙන්න’! විජේරාම ගෙදරට ආ හිටපු මැතිඇමැතිවරුන්ට මහින්දගෙන් විවෘත ආරාධනාවක්! I Sri Lanka Latest News

MORE NEWS

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.