• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර බලශක්ති අමාත්‍යංශයට යයි! ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘති ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 15, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය.Sri Lanka Latest News

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියාගේ අතෘප්තිමත්භාවය ආදී හේතු නිසා පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙවර ජනවරමේ සංයුතිය , අරමුණ හා අපේක්ෂාවන් ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා සිටියේය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරිණි.

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ජී.ආර්.එ‍ෆ්.කොමෙස්ටර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා යන මහත්වරු ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-10-15

SendShareShare
Previous Post

සතියක් යද්දි පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට දඬුවම් දෙනවා කිව්වා! දැන් මාසයකට කිට්ටුයි! තවම පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවෙලා නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ධීවරයන්ටයි විශ්‍රාමිකයන්ටයි සහන දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.