මහා භාණ්ඩාගාරයේ සිදුවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අමෙරිකාවේ ප්‍රාන්ත දෙකක බැංකු ගිණුම් දෙකකට බැරවිම සම්බන්ධයෙන් කෙරන දේශීය විමර්ශන සඳහා සහය ලබාදීමට මෙරටට පසුගිය දා පැමිණ ඇති අමෙරිකානු විමර්ශන කණ්ඩායමක් සිය කැමැත්ත පලකර තිබේ.Sri Lanka Latest News
මෙම කණ්ඩායම සුවිශේෂී කටයුත්තක් සඳහා මෙරටට පැමිණ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම කණ්ඩායම නීතිපති දෙපාර්තමේන්තුවේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් ඇතුළු නීතිය බලගැන්වෙන ආයතන හා පුද්ගලයින් කිහිප දෙනෙක්ද හමුවී ඇති බව සඳහන්ය.
සයිබර් අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ විෙශ්ෂ අවධානයක් යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙරට විමර්ශන තත්ත්වයන් ගැන ඔවුන් සිය ප්‍රසාදය ද පලකර තිබේ.
ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාරයේ මුදල් බැරවි ඇති අමෙරිකාවේ ලියාපදිංචි කර ඇති බව සඳහන් වන එක් සමාගමක ගිණුමක් සම්බන්ධයෙන්ද අමෙරිකාවේ විමර්ශන අංශයන්වලද සැකයට ලක්ව තිබී ඇති බවද සඳහන්ය.
අමෙරිකානු ඩොලර් 200ක් පමණක් දැනට ඇති එම ගිණුම මහා භාණ්ඩාගාරයේ මුදල් බැරවූ ගිණුම නොවන බවත් අදාල සමාගම නමින් ඇති වෙනත් ගිණුමක් බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.










