හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ මුදල් කමිටුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ආණ්ඩුව විසින් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ. (Sri Lanka Latest News)
මීට පෙර ආණ්ඩුව දැනුම්දී තිබුණේ ඊයේ දින මුදල් කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කොට සම්මත කරගැනීමට පියවර ගන්නා බවකි.
නමුත් ඊයේ දිනයේදී එම යෝජනාව ඉදිරිපත් කොට නොමැති අතර, මහබැංකු අධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කළ ඉදිරිත් කිරීම ඊටද ලබාදී ඇති බව දැනගන්නට ඇත.