රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. Sri Lanka Latest News
මෙම හමුව සිදු කර ඇත්තේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී යි.
මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් මැතිව් ලෝඩ් මහතා සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා ද එක්ව සිට තිබෙනවා.










