අවම සේවක සංඛ්‍යාවකින් සතියේ දින පහේම (සදුදා සිට සිකුරාදා දක්වා) අධිකරණවල කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය සියලුම විනශ්චයකාරවරුන් ප්‍රමුඛ අධිකරණ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සේමරත්න මහතාගේ අත්සනින් යුතු මෙම ලිපිය නිකුත් කර තිබුණේ සිය`ථම මහාධිකරණ විනිශ්චයකාරවරුන්, සිය`ථම අධිකරණ නිලධාරීන්, සිය`ථම කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙතය.
ඉකුත් 2020 මාර්තු මස සිට 2022 වර්ෂය ආරම්භ දක්වාම රට තුළ පැවැති කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු පැවැත්වීමට බාධා ඇති වූ බවත්, ඒ හේතුවෙන් කල් තබන ලද නඩු විශාල සංඛ්‍යාවක් ද නඩු කැදවීම සදහා දින නියම කර තිබීමත් යන කරුණු මත මෙම තීරණය ගෙන ඇතැයි ද එම ලිපියෙහි සදහන් වෙයි.









