ජනාධිපතිවරයා විසින් වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත්කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කොට ඇත.
රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.
වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාව පත්කර තිබේ.
ජනාධිපතිවරයා දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටවයෑම හේතුවෙන් මෙම පත්වීම් සිදුකර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා අදාළ සංචාරය නිමා කරමින් නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගු වෙයි.










