අලව්ව සමුපකාර නිලවරණය සදහා ප්‍රාදේශික 30කට සමගි ජන බලවේගය අද නාමයෝජනා භාර දුන් අතර ඉන් ප්‍රාදේශීක 10ක් ඡන්දෙටත් පෙරාතුව සමගි ජනබලවේගය නිතරගයෙන් ජයග්‍රහණය කොට තිබේ.
මේ අතර අදාල ප්‍රාදේශීක හයක් සදහා පොහොට්ටුව භාරදුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ.
කෙසේ වෙතත්,මෙම නිලවරණය වයඹ පළාත් සමුපකාර කොමසාරිස්වරයාගේ සහ ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් කල් දමා ඇතැයිද වාර්තා වෙයි.
මීට පෙර මේ ආකාරයෙන්ම කඩුවෙල සමුපකාර ප්‍රාදේශීකයේ නිලවරණය ද කල් දැමීය.
මෙතෙක් ලංකාව පුරා පැවතිය සමූපකාර නිලවරණය වලින් අති බහුතරයක බලය හිමිකර ගෙන ඇත්තේ සමගි ජන බලවේගය යි.එය සියයට අනූ 95% කට වැඩි ප්‍රතිශතයකි.










