අද (2024 අප්‍රේල් 08), පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. එය ලෝකයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, විශේෂයෙන්ම සූර්යග්‍රහණය දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාසල් වසාදමන්නට පවා සලසුම් කර ඇත. (Sri Lanka Latest News)
මෙම පූර්ණ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, උතුරු දකුණු ඇමරිකාවේ, පැසිෆික් සාගරයේ, අත්ලාන්තික් සාගරයේ සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වේ.
ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් සූර්යග්‍රහණය 2024 අප්‍රේල් 8 වන දින රාත්‍රී 9.12 ට ආරම්භවී අප්‍රේල් 9 වන දින අලුයම 2.22 ට අවසන් වේ.
මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර, මීළඟ ට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි දින ඇතිවීමට නියමිත පූර්ණ චන්ද්‍රග්‍රහණයක් බව ද කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
dinamina









