ජාතික ජන බලවේගය විසින් රට ගොඩනගන ආර්ථික වැඩපිළිකුමක්දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.Sri Lanka Latest News
එය ටිල්වින් සිල්වා මහතා කියන ආකාරයේ මාක්ස් ලෙනින් වාදය මත පදනම් වූ එකක්ද නැතහොත් වෙන එකක්දැයි රට දැනගත යුතු බවද ඔහු කියා සිටී.
සමගි ජන බලවේගය මේ වන විටත් තම ආර්ථික වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කර තිබෙන නමුත් ජාතික ජන බලවේගය මෙතෙක් ඔවුන්ගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවටද චෝදනා කරයි.
අඩුම තම කණ්ඩායම සමග විවාදයකට පැමිණ එය පැහැදිලි කිරීමට හෝ කටයුතු කරන්නැයි ඔවුන්ට ආරාධනා කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.









