• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකා ‌රෝහලෙන් මතුවූ අත්බෝම්බයෙන් අමුතු කතාවක් එළියට එයි! ප්‍රභාකරන් ගැන අලුත් රහසකුත් පොලිසිය සොයාගනී! CID SPECIAL

October 3, 2021
in CID, Exclusive
Reading Time: 5 mins read
A A
ලංකා ‌රෝහලෙන් මතුවූ අත්බෝම්බයෙන් අමුතු කතාවක් එළියට එයි! ප්‍රභාකරන් ගැන අලුත් රහසකුත් පොලිසිය සොයාගනී! CID SPECIAL
Share on WhatsAppShare on Facebook

ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙමින් තිබියදී එක් පැත්තකින් හමුදාවේ කිහිප දෙනෙක් අතින් සිදුවන සංවිධානාත්මක ඝාතනයක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් හෙළිකරගන්නා විට තවත් පැත්තකින් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙක්ගේ මෙහෙයවීම මත නාරාහේන්පිට ලංකා රෝහලේ සිදුකරන්නට හැදූ පිපිරුමක් හෙළිකර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් විය.

ඒ කතාවට මුලපිරෙන්නේ පසුගිය 14 වැනිදා ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිළියකින් හමුවන බෝම්බයත් සමගිනි. ශරීර කෘත්‍යය සදහා වැසිකිළියට ගිය රෝහලේ ඉදිකිරීමක් කරන සමාගමක කම්කරුවෙක් එම බෝම්බය දැක ඒ ගැන රෝහල් ආරක්ෂක අංශවලට දැන්වීමත් සමග බෝම්බය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට හැතිවූ බව මුල් අවස්ථාවේ නිල ප්‍රකශවලින් කියැවිණි.

නමුත් ගැටලුව ඇතිවන්නේ පිටරටක නිෂ්පාදනය කළ එම අත්බෝම්බය, ‘කාල බෝම්බයක්’ ලෙස පුපුරා යන්නට සකස්කර තිබීමය. අත්බෝම්බයක් පුපුරවා හරින්නේ එහි අගුල තදින් අල්ලාගෙන ඇණය ගලවා ඉවත් කර විසි කිරීමෙන්ය. විසිකරන විට සිදුවන්නේ අගුල ලිහිල් වීමකි. ඇණය ගැළවීමෙන් පසු අගුල සිරකර නොගතහොත් එය පුපුරා යනු ඇත.

රෝහල් වැසිකිළියෙන් හමුවූ බෝම්බයේද ඒ වන විට තිබෙන්නේ ඇණය ඉවත්කරය. නමුත් අගුල සිරවෙන්නට නූලක් ඔතා තිබුණේය. එම නූල පිළිස්සෙන්නට මදුරු දඟරයක් ඊට සම්බන්ධ කර තිබුණේය. මදුරු දඟරය දැල්වී අවසානයේදී බෝම්බගේ අගුල ඔතා ඇති නූල පිළිස්සීමෙන් පසු බෝම්බය පුපුරා යනු ඇත. වැසිකිළියේ ඇටවූ ඒ කාල බෝම්බය ආරක්ෂිතව එම ස්ථානයෙන් මුලින්ම ඉවත් කරන්නේ රෝහල් ආරක්ෂක අංශ ප්‍රධානියාය. ඔහු හමුදා සේවයේ නිරතව සිටි පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ හසල දැනුමක් ඇති අයෙක් වූ බැවින් එය සිදුකිරීමට ඔහුට හැකියාවක් තිබිණි. රෝහලේ ගරාජයකට රැගෙන ගිය එම බෝම්බය රෝහල් භූමියෙන් ආරක්ෂිතව ඉවත් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසිනි.

මේ ඇටවුම නිසාම බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කළේය. ඔහු, සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වාට වැඩේ භාර කළේය. මුලින්ම ඔහු සිය නිලධාරීන් සමග රෝහලට ගොස් පරීක්ෂා කරන්නේ ආරක්ෂක කැමරා පද්ධතියයි. එහිදී ඔහුට පෙනී යන්නේ බෝම්බය දුටු බව කියන කම්කරුවා අවස්ථා දෙකකදී වැසිකිළියට යන බවකි. පළමු අවස්ථාවේදී ඔහු යන්නේ යමක් රැගෙන බව නිරීක්ෂණය වූ බැවින් සැකයක් උපන්නේ ඔහු කෙරෙහිය. ඒ අනුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට ගන්නේ පොලිස් උපක්‍රම යොදා ගනිමිනි. ඊට එම කම්කරුවා හසුවිය.

‘සර් ඇත්ත කියන්නම්’ ඔහු අමුතු කතාවක් කියන්නට ගත්තේය.

22 හැවිරිදි වියේ පසුවූ ඔහු, නමින් රූබන්ය. ත්‍රිකුණාමලයේ උප්පුවේලි පදිංචිකරුවෙක් වන රූබන් කාලයක් තිස්සේ ඉදිකිරීම් සමාගමක කම්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටී. රෝහල තුළ ඔහු සේවයේ නිරතව සිටියේ එම ඉදිකිරීම් සමාගමේ කටයුත්තක් වෙනුවෙනි. බෝම්බය ඔහුට හමුවන්නේ රෝහලේ කසළ රඳවනයක තිබියදීය. වැසිකිළියට එය රැගෙන විත් තබන්නේ ඔහුය. ඒ, එම බෝම්බය එහි ඇති බව ආරක්ෂක අංශයට දැනුම්දී යම් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.

මෙහිදී නෙවිල් සිල්වාට පැනනඟින ගැටලුව වන්නේ සූක්ෂ්ම ඇටවුම සිදුකළේ කෙසේදැයි කියාය.

‘සර්, යූටියුබ් එකෙන්. තව සර් සඟරාවලත් තියෙනවා…’ ඔහු කීවේය.

ඉංග්‍රීසි වචනයක් හරි හැටි කියවා ගන්නට බැරි ඔහු සඟරා බලා බෝම්බ සකස් කරන්නේ කෙසේදැයි සැකයක් ඇතිවන්නේ නිරායාසයෙන්මය. එසේම එම ඇටවුම අවදානම්සහගත ක්‍රියාවකි. පොඩි වැරදීමකින් ජීවිතයට පවා හානි වන්නට ඇති ඉඩකඩ බොහෝය. පළපුරුදු ඇති අයෙක් පවා එවැනි සෙල්ලමක් කරන්නේ නැත. මෙවැනි දෙයක් කිරීමට නම් හසල දැනුමක් තිබිය යුතුය. ඒ නිසාම ඔහුගෙන් ටිකක් තදින් ප්‍රශ්න කරන්නට නෙවිල් ද සිල්වා ඇතුළු කණ්ඩායම පියවර ගත්තේය.

‘සර් මට ඔය බෝම්බෙ හම්බවුණේ මාස තුනකට ඉස්සරින් කොළඹ වැඩකරපු ගෙදරක ලාච්චුවක තිබිලයි’ රූබන් අලුත් කතාවක් කියන්නට ගත්තේය. එම නිවෙසේ අලුත්වැඩියාවට සේවකයන් හය හත්දෙනෙක්ම යොදවා සිට ඇත. බෝම්බය හමුවන විට ඔහු සමග එතැන සිට ඇත්තේ ලංකා නමැති සේවකයෙකි. ඔහු මහව පැත්තේ පදිංචිකරුවෙක් බව පමණක් රූබන් දැන සිටියේය. එදා ඒ මේස ලාච්චුවේ පතොරම් කිහිපයකුත් තිබුණු බව රූබන් කීවේය.

‘හෑන්ඩ් ග්‍රෙනේඩ් එකයි ඇමියුනිෂන් ටිකයි කාට හරි විකුණන්න අපි බැලුවා. හරි ගියේ නැහැ. ලංකා ගෙදර යනකොට ඇමියුනිෂන් ටික අරගෙන ගියා. මම ග්‍රෙනේඩ් එක ප්ලාස්ටික් බටයක් අස්සේ දාල ඒ ගෙදර වත්තෙම ගහක් යට වළදැම්මා…’ රූබන් තව දේවල් කියන්නට ගත්තේය.

ඒ අනුව නෙවිල් ද සිල්වා ඇතුළු නිලධාරීන් මේ කියන නිවෙස ගැන සොයන්නට ගත්තේය. රූබන්වත් රැගෙන එතැනට ගියේය. එය කොළඹ විජේරාම මාවතේ පිහිටි ඇමැතිවරයකුගේ නිල නිවෙසක් බවට ඒ වන විට පත්ව තිබිණි. අලුත්වැඩියාව සිදුවන්නේ ඇමැතිවරයා එහි එන්නට පෙරය. අලුත්වැඩියා සිදුවන්නේ රජයෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුවය.

රූබන් පවසන්නට වූ ආකාරයට ඔහු ගමේ ගොස් නැවත පැමිණි පසු සමාගමෙන් ඔහුව යොමුකර ඇත්තේ රෝහලේ වැඩබිමටය. එහි දින කිහිපයක් සේවය කිරීමෙන් පසු ආරක්ෂාව ගැන අවබෝධයක් ලබා ඇමැති නිවෙසේ ගසක් යට වළ දමා තිබූ බෝම්බය රැගෙන රෝහලට පැමිණ ඇත. අත්බෝම්බය කාල බෝම්බයක් කර අටවන්නේ අනතුරුවය. ඊට මදුරු දඟරයක් සහ එය දැල්වීමට ගිනි පෙට්ටියක් මිලදී ගන්නේද නාරාහේන්පිට පැත්තේ සිල්ලර වෙළෙද සලකිනි. නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන්ට දැන් ගැටලුවක් ගෙන දෙන්නේ රූබන් මේ කියන්නේ ඇත්තක්දැයි කියාය. එය සැකහැර දැනගන්නට හැකියාව ඇත්තේ ලංකාගෙනි. ඒ අනුව නෙවිල් සිල්වා, රූබන් සේවය කළ කොන්ත්‍රාත් සමාගමෙන් ලංකාගේ ලිපිනය ඉල්ලා සිටියේය. ඒ අය සතු වූයේ ලිපිනය වෙනුවට දුරකතන අංකයක් පමණි. සමාගමේ නිලධාරියෙක් මගින් එම දුරකතනයට ඇමතුමක් ලබාදී උපක්‍රමශීලීව ඔහුගෙන් මහව ලිපිනය සොයා ගත්තේය. අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මහවට ගොස් බිරියගේ නිවෙසේ රැඳී සිටි ලංකාව සිය භාරයට ගත්තේය.

ප්‍රශ්න කිරීම් හමුවේ රූබන් කී දේ ලංකාගෙන් තහවුරුකර ගත් නිලධාරීන් අනතුරුව ලංකා සමග වැලිකන්දට යන්නේ පතොරම් තොගය ඔහු සිය මහ ගෙදර ගෙවත්තේ වළදමා ඇතැයි කී නිසාය. ඒ අනුව වළදැමූ පතොරම්ද ගොඩ ගෙන ලංකාවද රැගෙන පොලිස් කණ්ඩායම කොළඹට එන විට නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් සිටින්නේ රූබන්ගේ ජංගම දුරකතනය විශ්ලේෂණයකට ලක්කරමිනි. එහිදී යම් සැකකටයුතු දුරකතන අංකයක් කරෙහි අවධානය යොමු කරන නෙවිල් ද සිල්වා ඇතුළු කණ්ඩායමේ සොයා බැලීමේදී අනාවරණ වන්නේ ඔහු රූබන්ගේ මිතුරෙක් බවය.

හෙතෙම ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රූබන් ගැන යමක් ඔහුගෙන් ප්‍රශ්න කර අනාවරණ කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමින් තවත් කණ්ඩායමක් උප්පුවේලි බලා පිටත්කර හැරීමට නෙවිල් ද සිල්වා වගබලා ගත්තේය. රූබන්ගේ සහෝදරියක් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව සහ ඇය මේ වන විට හමුදා බුද්ධි අංශය සමග කටයුතු කරමින් සිටින බව හෙළිවන්නේ එහිදීය. බෝම්බය සහ ඇය අතර සම්බන්ධයක් නැතත් රූබන්ගේ මිතුරාගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් හරහා ඔහු සහ රූබන් දින 06ක් අත්බෝම්බ භාවිතය සහ ගිනි අවි භාවිතය ගැන පුහුණුවක් ලැබූ බවය.

‘යුද්දෙ අන්තිම සතියේ ලොකු සටනක් තිබ්බේ. ප්‍රභාකරන් එක තැනක හිටියේ නැහැ. තැන තැන හැංගි හැංගියි සටන් කළේ. ගරිල්ලා නායකයෙක් මහා සටනක් යනකොට රැවුල් කප කප ඉන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ කියල පෙන්නපු බොඩි එකේ රුවුල් කපල තිබුණේ. ඒ ප්‍රභාකරන් නෙමෙයි. ප්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නවා…’ යැයි ඔහු තමන්ට පවසා අනාගතය වෙනුවෙන් යැයි එම පුහුණුව ලබාදුන් බවද රූබන්ගේ මිතුරා කියන්නට විය.

උප්පුවේලි කෝවිල පිටුපස කැලෑබද ප්‍රදේශයක එම පුහුණුව ලබාදුන් බවත්, තමන් මෙන්ම තව පිරිස් වෙත පුහුණුවීම් ලබාදෙන්නට ඇති බවත් ඔහු කීවේය. ඒ අනුව එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාවද අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආවේය. නෙවිල් ද සිල්වාට මේ තොරතුරු ලැබීමත් සමග තවදුරටත් රූබන්ට පොලීස් නිලධාරීන්ව අන්දවන්ට ඉඩක් නොවීය. ඇමැති නිවෙසට බෝම්බය රැගෙන ආවේ තමා බවද ඔහු කියන්නට විය. පුහුණුව ලබාදුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් ලැබුණු එම බෝම්බය ත්‍රිකුණාමලයේ සිට රැගෙන විත් මේස ලාච්චුවේ දමා තමා සමග සේවය කළ ලංකාට පේන්නට සොයා ගැනීමද කර ඇත්තේ සැලසුමකට අනුවය. ලංකා ඊට හසුවූවත් පතොරම් ටික එතැනට ආ හැටි තවමත් අබිරහසකි.

කෙසේ වෙතත් මේ වන විට පැනනැගී ඇති ගැටලුවක් වන්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයාව මෙහෙයවන්නේ කවුරුන්දැයි කියාය. ඒ ගැනත් වැඩිකල් නොයන්නට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය සොයාගනු ඇත. ඒ, ඔවුන්ට ඉදිරි විමර්ශන මේ කරගෙන පැමිණි ආකාරයටම බාධාවකින් තොරව කරගෙන යෑමට නිදහසක් ලැබුණොත් පමණි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

අද දළඳ සමිඳුන් වැඳ ඉන්දීය විදේශ ලේකම් වැඩ පටන් ගනී!

Next Post

කොරෝනා හැදිලා මාස 6ක් ඇතුළත මේ ලෙඩ 9 හැදෙනවා! අලුත්ම අභියෝගය ජීවන්දර පෙන්වා දෙයි!

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.