මොරයාය සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට දී අද (08) උදෑසන 16 හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇගේ පෙම්වතා බවට හැඳින්වෙන 24 හැවිරිදි තරුණයකු හසලක පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ පාසල් සිසුවිය මහියංගනය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිසුවිය මුහුණු පොතෙන් මෙම සැකකාර තරුණයා අඳුනාගෙන ඔහු සමග වසරකට වැඩි කාලයක් තිස්සේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
එම ප්‍රේම සම්බන්ධතාවය අතරමග නතර කිරීම නිසා සැකකරු මෙවැන්නක් කර ඇති බවපොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි කියති.
lankadeepa










