කොත්මලේ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පසුගියදා කොත්මලේ දී පැවැත්විණ.Sri Lanka Latest News
එහිදී කොත්මලේ ආසන බල මණ්ඩලයේ සභාපතිත්වය එහි ආසන සංවිධායක විජේරත්න දේවගෙදර මහතා, උපසභාපති ලෙස එස්. තිරුචෙල්වම් මහතා සහ සෙසු නිලයන් මෙහිදී ඒක ඡන්දයෙන් සම්මත විය.
තිරුචේල්වම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ආරම්භක නායක එස්. තොණ්ඩමන් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි.
මෙම අවස්ථාවට හිටපු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.පියදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

















