ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා. Sri Lanka Latest News
පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපතිවරයාගේ නිවසේ බෝතලයක් තුළ තිබූ රුවල් නැවක ආකෘතියක් ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් සොරාකම් කර ඇති අතර, ඔහුට එරෙහිව නඩු පවරා වරද පිළිගැනීමෙන් පසුව අද (01) දින දඬුවම් නියම කෙරුණා. ඒ අනුව එම පුද්ගලයාට මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා තිබුණා.
එදිනම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ තිබූ ලෝහමය හක් ගෙඩියක් අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි අයෙකු විසින් සොරාගැනීමේ වරදට වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා තිබෙනවා. ඔහුට රු 1,500ක දඩයක්ද නියම කර ඇති අතර, එය නොගවෙන්නේ නම් මාසයක බරපතළ වැඩසටහිත සිරදඬුවම් නියම කර ඇති බව සඳහන්.










