• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක මහපොලොව නුහුලන අපරාධයක්… මගේ මහත්තයාට කවුද මේ අපරාධය කළේ? මගේ දරුවො තුන්දෙනාට දැන් තාත්තා කෙනෙක් කෝ? ඖෂධ මාෆියාව සේනක බිබිලේව මැරුවා… PHI රොෂාන්ව මැරුවේ කෑම සමාගම් මාෆියාවද? I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඇල්පිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපාල් රොෂාන් පුෂ්පකුමාර මහතාගේ ඝාතනය මේ වන විටත් නොවිසඳුණු අබිරහසක් බවට පත්වෙලා. බොහෝ දෙනෙක් විමසා සිටින්නේ කාටවත් කරදරයක් නොකළ ඔහුව කුමන හේතුවක් නිසා ඝාතනය කළාද කියලයි. කාගේ වුවමනාවක් නිසා මේ ඝාතනය කළාද කියන එක ගැනත් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම්වලට මෙතෙක් සොයාගැනීමට හැකිවී නැහැ.(Sri Lanka Latest News)

පසුගිය 26 වැනිදා උදෑසන 7.35ට පමණ දීපාල් රොෂාන් මහතාට වෙඩිතබා ඝාතනය කර ඇති බවයි ඇල්පිටිය පොලිසිය පවසා සිටියේ. මියයන විට 51 වැනි වියේ පසුවූ ඔහු ඇල්පිටිය, කරන්දෙණිය සහ අම්බලන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට අනුයුක්තව සේවය කරමින් සිටියා. එසේම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ දකුණු පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අදාළව විභාග වෙමින් පවතින නඩු මෙහෙයවන නිලධාරියා ලෙසත් දීපාල් රොෂාන් මහතා අවසන් වරට කටයුතු කරමින් සිට තිබෙනවා.

ඝාතනය සිදුවූ දින දීපාල් රොෂාන් මහතාගේ එක් දරුවකු පාසල් යන පළමු දිනය වුණා. ඒ නිමිත්තෙන් ඔහු තම දරුවාගේ පාසල් නිල ඇඳුමේ ඇලවීම සඳහා පරිගණකයෙන් Name tag සකස් කරමින් සිට තිබෙනවා. ඒ, ඇල්පිටිය දිවිතුරුගම කුරුඳුගහ හැතැප්ම අධිවේගී මාර්ගය පිටුපස පිහිටා ඇති නිවෙසේය. ඒ අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු නිවෙසට ඇතුළු වී ඇති බවත්, ඉන් එක් අයෙකු වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර රොෂාන් මහතාව නිවෙස තුළම ඝාතනය කර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිව තිබුණා.

ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ උපදෙස් පරිදි ඇල්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් වැල්ගේ, උපපොලිස් පරීක්ෂක විජය කුමාර ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා. වැඩබලන මහෙස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබුවා.

තිදරු පියකු වූ දීපාල් රොෂාන් මහතාගේ බිරිය, මෙම අනපේක්ෂිත සිදුවීම පිළිබඳ අදහස් පළ කළේ මේ ආකාරයටයි.

‘මගේ මහත්තයා දරුවෝ තුන්දෙනාට පණ වගේ ආදරෙයි. අනේ මගේ දරු පැටව් දැන් තාත්තා නැතිව කොහොමද ඉන්නේ? අපි හරිම නිදහසින් ජීවත්වුණේ. මගේ දරුවන්ට කෝ දැන් තාත්තා කෙනෙක්. මගේ මහත්තයා රාජකාරිය දේවකාරියක් කරගෙන ජීවත්වුණු කෙනෙක්. නීතිය අකුරටම කළා කාටවත් දොසක් කියන්න රාජකාරිය කළේ නැහැ. රාජකාරිය කරන අයත් එක්ක ගැටුම් ඇති කරගත්තේ නැහැ. ගෙදර වැඩත් අඩුවක් නැතිව ඉෂ්ට කළා. මොන දුකක් විඳලා හරි අපි දරුවන්ගේ ඇස් පාදමු කියලා එයා නිතරම කිව්වා.’

‘මේක මහ පොළොව නූහුලන අපරාධයක්. මගේ මහත්තයාට මෙහෙම දෙයක් කරන්න කාටද උවමනා වුණේ? මොන හේතුවකටද? මම නම් හිතන්නේ මේක වැරැදිලා කරපු දෙයක්….’

ඇයට වගේම ගම්වාසීන්ටත් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් මහතාගේ ඝාතනය ගැන ඇත්තේ විසඳාගත නොහැකි ගැටලුවකි. ඔහු කිසිවකුටත් වරදක් නොකළ අයකු විය. ඔහු, ආහාර සුරක්ෂිතතාව පිළිබඳවත් මහජනතාවට අහිතකර ආහාර අලෙවිය පිළිබඳවත් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ පුද්ගලයකු විය. එසේම හෙතෙම පිළිකාකාරක ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටුකළ බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. කිසි විටෙකත් මුදලට හිස නොනැමූ ඔහු සිය රාජකාරිය අකුරටම ඉටුකළ අයකු බව ප්‍රකටය.

මීට මාස කිහිපයකට ඉහතදී දීපාල් රොෂාන් මහතා ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පිළිකාකාරක අඩංගු ආහාර නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් පිළිබඳ නොබියව හෙළිදරව් කිරීමට කටයුතු කර තිබුණා. ‘දුඹුරු සීනි, රතු සහල්, මිරිස්කුඩු, සෝස් මේ සියල්ලේම ඇති පිළිකාකාරක ඩයිවලින් නාවලා තියෙන්නේ’ යනුවෙන්ද එම සාකච්ඡාවේදී ඔහු සඳහන් කර ඇත.

රාජකාරිය දේවකාරිය හැටියට සලකලා, සාධාරණව ජීවත් වෙලා, අසාධාරණය වෙනුවෙන් කතාකරලා මැරිලා ගියත් කමක් නැහැ කියලා හිතන්නට හැම කෙනෙකුටම බැහැ. වර්තමානයේ බොහෝ දෙනකු කටයුතු කරන්නේ මුදලට, වාසියට රැකියාව පවා පාවාදෙමිනුයි. නීතිය නමමින් ඕනෑම ජඩකමකට ඉඩදෙන්නට අද ඇතැම් රාජ්‍ය නිලධාරීන් පහත් තත්ත්වයට වැටිලා. යහමින් මුදල් අතමිට මොළවනවා නම් කෙතරම් පහත්, නීති විරෝධී වැඩකට වුවද ඉඩ ලබාදෙන්නට මේ දූෂිත නිලධාරීන් පැකිලෙන්නේ නැහැ.

ඒවාට උදාහරණ දිනපතාම පාහේ ප්‍රවෘත්ති විකාශවල දැකගන්නට පුළුවන්. එවැනි දූෂිතයන් අතර රටට දැයට සේවය කර, ඒ අවංක සේවය වෙනුවෙන් ජීවිතය පූජා කළ උතුම් මිනිසුන් ඕනෑ තරම් අපේ රටේ සිටියා. නිදහස් ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ නම ඒ අතර ඉහළින්ම සටහන් වෙනවා. හදිසි රෝගී තත්ත්වයකින් මියගිය බව කියැවුණත් ඔහු යම් බහුජාතික සමාගමක් මගින් සංවිධානාත්මකව ඝාතනය කළ බවයි බොහෝ දෙනා අදටත් විශ්වාස කරන්නේ.

දීපාල් රොෂාන් මහතා ඝාතනය කිරීමට තරම් හේතුවක් ඔහු ළඟින් ඇසුරු කළ කිසිවකුටවත් අදටත් හිතාගන්නට බැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම ඝාතනය පිළිබඳ පවසා තිබුණේ මෙවැන්නකි.

‘අද උදෑසනම ලැබුණු දුරකතන ඇමතුමකින් මගේ හදවත කම්පනයට පත්කරනු ලැබුවා. මොකද්ද කිව්වේ යනුවෙන් මා නැවතත් ඒ පිළිබඳ විමසා සිටියේ, මොකද්ද කිව්වේ?’

‘රොෂාන්ට අද උදේ කවුද වෙඩි තියලා. ඇම්බියුලන්ස් එකටවත් දාගන්න වෙලාවක් තිබිලා නැහැ’

රොෂාන් කුමාර යනු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකය. බොහෝ දෙනෙක් පැවැසුවේ ඔහු මිනිසත්කම හඳුනන හොඳ මිනිසකු බවයි. නිර්මාංශ ජීවිතයක් ගතකරන, ආගමට දහමට ළැදි මෙවැනි පුද්ගලයකු ඝාතනය කිරීමට කාටද ඕනෙ වුණේ යන්න මගේ හිතට නැගුණු උභතෝකෝටික ප්‍රශ්නයකි. ඔහු මහජනයාගේ සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරියට විත් නිතර හඬ නැගූ නිලධාරියෙක්. ජනතාවට වස විස කෑමට නොදී රසායනාගාර පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ නොමැති බව පවසමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගැටුම් ඇතිකරගනිමින් මහජනතාවට සේවයක් ලබාදීමට උත්සාහ කළ නිලධාරියෙක්. ඔහු නඩු කටයුතුවලට සම්බන්ධ කෙනෙක් නිසා යම් යම් බලපෑම් ඇති නොවූ බවට විශ්වාස කළ නොහැකිය’

දීපාල් රොෂාන් මහතාගේ පුංචි පුතු මුල්ම වරට ඇල්පිටිය ශාන්ත තේරේසා විදුහලට ඇතුළත් වන දිනයේදී ඔහු ඝාතනයට ලක්වුණේ. එහෙත් පියකුගේ ඒ අහිංසක සිහින බලාපොරොත්තු සුනුවිසුනු කරන්නට නාඳුනන ඝාතකයකුට ගතවුණේ තත්පර කිහිපයක් පමණයි.

අපේ රටේ රාජ්‍ය නිලධාරීන් කියූ පමණින් බොහෝ දෙනාගේ සිතට නැඟෙන්නේ නිකරුණේ කාලය ගතකරන පිරිසක් ලෙසටයි. එවැනි පුද්ගලයන් අතර, සිය සේවය අවංකව අකුරටම ඉටුකළ මෙවැනි නිලධාරීන් ගැන අසන්නට ලැබීම සතුටට කරුණක්. නමුත් අසාධාරණය වෙනුවෙන් හඬනගනකොට ජීවිතවලට මෙවැනි ඉරණමක් අත්වෙනවා නම් මේ රටේ බලධාරීන් ගැන අපට සිතන්නට දෙයක් නැත.

අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම නිසා අහිංසක දරුවන් තිදෙනකුට ආදරණීය පියෙක් වගේම බිරිඳට ආදරණීය සැමියෙකුත් අහිමි වුණා.

දීපාල් රොෂාන් මියගිගේ ප්‍රශ්න ගණනාවක් රට හමුවේ ඉතිරි කරමිනි. ඔහු ඝාතනය කළේ කුමන හේතුවක් නිසාද? ඒ, කාගේ උවමනාවකටද? ඝාතකයා කවුරුන්ද? මේ ප්‍රශ්න සියල්ලටම නුදුරු දිනෙකදී පිළිතුරු ලැබෙතැයි යන අපේක්ෂාවෙන් අප බලා සිටිමු.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

බාල බෙහෙත් සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකත් CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ගෙදරින් රුවල් නැවකුයි හක් ගෙඩියකුයි හොරකම් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය පසුගිය දිට්වා කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීම...

Read more
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.