පාර හරස් කර නවතා තිබූ ලොරි රථයක් ඉවත් කරවීමට ගත් උත්සාහයක් නිසා බහින්බස්වීමක් දුරදිග යෑමේ හේතුව නිසා අනුරාධපුර අභය වැව විහාරස්ථානයට කඩා වැදුණු ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් වන ලලිත් විතාරණ ඇතුළු පිරිසක් එම විහාරස්ථානයේ සිටි පුද්ගලයෙකුට පහර දී තිබෙනවා. (Sri Lanka Latest News)
මෙලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයා ආරණ්‍ය සේනාසනයක ස්වාමීන් වහන්සේ නමකගේ රියදුරු වශයෙන් සේවය කරන අතර, ඊයේ (22) දින විහාරස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලා කිහිප නමක් විභාගයකට වඩම්මවා නැවතත් විහාරය වෙත පැමිණෙමින් සිටියදී මාර්ගය හරස්වීම නිසා එම ලොරි රථය මදකට ඉවත්කර ගන්නැයි පැවසූ අවස්ථාවේ බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.
අනතුරුව ඔහු වාහනය රැගෙන විහාරස්ථානය වෙත පැමිණ වාහනය නැවතීමට පෙරාතුව පුද්ගලයන් අට දෙනකු පමණ පැමිණ අවි ආයුධ, මන්න, යකඩ පොලූ, පිහි, සවල් ආදී ආයුධ කිහිපයකින් මොහුට සහ එම විහාරස්ථානයේ ලියන මහත්තයා යැයි කියන අයෙකුට පහර දී තිබෙනවා.
අනතුරුව බෙල්ලට පිහියක්ද තබා මරණ තර්ජනය කර ඇති අතර ඔහු විසින් මේ සම්බන්ධව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.
අතට සහ උරහිස ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර කිහිපයක් සහ ඇසකට ලේ වහනය විම හේතුවෙන් ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
hirunews