විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ශ්වයෙන් කළ අභියෝගය පිළිගනිමින් විවාදයට තමන් සූදානම් බව ප්‍රකාශ කොට පැයක් ඉක්ම යාමට මත්තෙන් ව්‍යාජ ලිපියක් කිසියම් පාර්ශ්වයක් විසින් නිර්මාණය කොට සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කර තිබූ ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස උපයෝගී කරගනිමින් සකස් කොට ඇති එම ලිපියේ සටහන් කොට ඇත්තේ හෙට (23) දිනයය.
එමෙන්ම ජුනි 31 විවාදය සදහා සූදානම් බව එම ලිපියේ සදහන් කර ඇති අතර එවැනි ජුනි 31ක් කැලැන්ඩරයේ දැකගන්නට නැත.
ඒ අනුව කිසියම් පාර්ශ්වයක් විසින් ව්‍යාජ ලෙස මෙම ලිපිය සකස් කොට විපක්ෂනායකවරයා අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සහ විවාදය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙය සිදුකරන්නට ඇති බව සජබ පාර්ශ්වයේ අදහස වී තිබේ.