• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

සන්ධාන…! ගාමිණී-ලලිත්ලාගෙන් පාඩමක්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

November 1, 2025
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
සන්ධාන…! ගාමිණී-ලලිත්ලාගෙන් පාඩමක්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලලිත් ඇතුළත්මුදලි රාජාලියා නොහොත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයට පත්වී ගතවූයේ දින හයකි. එවකට ජනාධිපති ප්‍රේමදාස හදිසියේම පළාත් සභා ඡන්දය තියන්න තීරණය කළේය. ප්‍රේමදාස පළාත් සභා ඡන්දය ප්‍රකාශයට පත්කරන විට විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය වාමාංශික පක්ෂ සමඟ එක්ව පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවා දවස් කිහිපයකි. ප්‍රේමදාස හිතුවේ ලලිත් – ගාමිණීගේ පක්ෂය සහ මැතිනියගේ පොදුජන එක්සත් පෙරමුණ සංවිධානය වීමට පෙර ඡන්දය තියන්න ඕනෑ කියාය.Sri Lanka Latest News

ඡන්දය ප්‍රකාශයට පත්කළ විගස ලලිත් සහ ගාමිණී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රැස්කරවීය. ගාමිණී සහ ප්‍රේමචන්ද්‍රගේ මතය වූයේ විපක්ෂය එක් සන්ධානයක් ලෙස පළාත් සභා ඡන්දයට ඉදිරිපත් විය යුතු බවය. එහෙත් ලලිත් එයට විරුද්ධ විය.

ප්‍රේමදාසගේත් යූ.ඇන්.පී.යේත් පරම හතුරා වූයේ ලලිත්ය. ලලිත්ගේ පරම හතුරා වූයේත් ප්‍රේමදාසය. ඒත් ලලිත්ගේ මතය වූයේ ප්‍රේමදාසව පරාජය කරන්න නම් ශ්‍රී ලනිපය සමඟ සන්ධානගත නොවිය යුතු බවය.

‘අපි ශ්‍රී ලනිපය එක්ක සන්ධාන ගැහුවොත් යූ.ඇන්.පී.කාරයෝ අපිට ඡන්දය දෙන්නේ නැහැ. අපි ප්‍රේමදාසගේ ඡන්ද කඩන්න නම් වෙනම ඉල්ලන්න ඕනෑ’

ලලිත් තදින් කීවේය. ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍ර ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් පළමු රැස්වීම තිබ්බේ නුගේගොඩය. ඒ රැස්වීමටවත් ඔවුන් ශ්‍රී ලනිපය සම්බන්ධ කර ගත්තේ නැත. එතැන් සිට ලලිත් සහ ගාමිණී වෙන වෙනම රට වටේ ගොස් පක්ෂ යාන්ත්‍රණය හැදූහ. ඔවුන් හරි හරියට මහන්සි විය. වසර 17කට පසු යූ.ඇන්.පී. ආණ්ඩුව පරාජය වූයේ ලලිත් – ගාමිණී යූ.ඇන්.පී.යෙන් කඩපු ඡන්දවලින්ය.

ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍රට ඕනෑවුණේ ඊළඟ ආණ්ඩුවේ ඇමැතිකම් නොව ප්‍රේමදාසගේ ආණ්ඩුව පරාජය කිරීමය. ඊළඟ ආණ්ඩුවේ ඇමැතිකම් ඕනෑ නම් ඔවුන් ශ්‍රී ලනිපය සමඟ සන්ධානගත වී ශ්‍රීලනිප රැස්වීම්වල ඉදිරි පෙළ ආසනයක අසුන් ගෙන ශ්‍රීලනිපය ප්‍රේමදාස ආණ්ඩුව පරාජය කරන තෙක් බලා සිටින්න හැකියාව තිබුණි. ඒත් ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවී කවදාවත් ප්‍රේමදාස ආණ්ඩුව පරාජය කළ නොහැකි බව ලලිත්ලා තේරුම් ගත්හ. ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වුවහොත් ඊළඟ මැතිවරණයෙන් විපක්ෂයේ මන්ත්‍රීකමක් පමණක් හිමි වනු ඇති බව ලලිත්ලා දැන සිටියහ.
‘එතකොට අද ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ අනුරගේ ආණ්ඩුව පරද්දන්නද? නැතිනම් සමඟි ජන බලවේගයේ ඡන්දවලින් පාර්ලිමේන්තු යන්නද?’

ඇත්ත කතාව නම් නුගේගොඩ රැස්වීම් තියන්න යන හිටපු මැති ඇමැතිවරුන් අද ඉන්නේ පොඩි නොව ලොකු බඩගින්නකය. ඒ ඇමැති හෝ මන්ත්‍රී බඩගින්නය. මේ හිටපු මැති ඇමැතිවරුන් 1994 සිට වසර 30ක් ඇමැතිවරුය. ඔවුන්ට දැන් ඇමැතිකම් නැතිව ඉන්න බැරිය. ඇමැතිකම් ගන්න බැරි නම් මන්ත්‍රිකමක්වත් නැතුව ඉන්න බැරිය. ඒ සඳහා මේ හිටපු මැති ඇමැතිවරුන්ට ඡන්ද නැත. විපක්ෂයේ අද ඡන්ද තියෙන්නේ සමඟි ජන බලවේගයට සහ පොදුජන පෙරමුණටය. එයිනුත් ඡන්දයක් දිනන්න හැකියාව ඇත්තේ සමඟි ජන බලවේගයටය. ඉතින් මේ හිටපු මැති ඇමැතිවරුන්ට ඕනෑ සමඟි ජන බලවේගයයි, පොදුජන පෙරමුණයි එකතු කොට අනුරගේ ආණ්ඩුව පරාජය කරන්න පුළුවන් නම් ඇමැතිකම් ගන්නත් පරාජය කරගන්න බැරි නම් විපක්ෂයේ මන්ත්‍රිකමක්වත් ගන්නටත්ය.
ඔවුන් ලලිත්ලා ගාමිණීලා මෙන් වෙහෙස මහන්සි වී රට වටේ යන්න, ජනතාව සංවිධානය කරන්න පක්ෂයක් සංවිධානය කරගන්න කැමති නැත. ඔවුන් යන තැනකට ජනතාව නොඑන බවත්, ඔවුන් දනී. ඔවුන්ට ඕනෑ සමඟි ජන බලවේගයේ ඡන්ද වැඩි කරන්න නොව සමඟි ජන බලවේගයේ ඡන්ද මංකොල්ල කන්නටය. රනිල්ටත් ඡන්ද නැත. රනිල් 2020 ඉඳල උත්සාහ කරන්නේත් සමඟි ජන බලවේගයේ ඡන්ද මංකොල්ල කන්නටය. ඒ නිසා රනිල් සහ මේ හිටපු මැති ඇමැතිවරුන් හොඳට පෑහේ.

සමඟි ජන බලවේගය 2020 ඉඳල ඡන්ද පදනමක් ගොඩනඟාගෙන ඉන්නේ රාජපක්ෂලා සහ මේ ඇමැතිවරුන් එක්ක යූ.ඇන්.පී.යේ 2015-2019 ආණ්ඩුවේ දූෂිත ඇමැතිවරුන්ටත් එරෙහිවය. 2024 ජනාධිපතිවරණයට සමඟි ජන බලවේගය ඉදිරිපත් වූයේ රාජපක්ෂ – රනිල් දූෂිත හවුල පරාජය කරමු කියාය. ජවිපෙ කිව්වෙත් ඒකමය. ස.ජ.බ.ය කිව්ව කතාවට වඩා මිනිස්සු ජවිපෙ කිව්ව කතාව විශ්වාස කළේ ස.ජ.බ.යේ ඇතැම් මන්ත්‍රීවරුන් රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අගයන්නත්, රනිල්ගේ ආණ්ඩුවෙන් වරප්‍රසාදත් ගත්ත නිසාය. ස.ජ.බ.ය දින්නොත් රාජපක්ෂ – රනිල් හවුලට දඬුවම් නොකරනු ඇතැයි මිනිස්සු සිතූහ.

ඒත් රාජපක්ෂ රට බංකොලොත් කළා යැයි උසාවි ගියේ ස.ජ.බ.යය. රනිල් ඡන්ද කල් දමන විට, ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති පත්කරන විට ඊට එරෙහිව වූයේත් ස.ජ.බ.යය.

රාජපක්ෂලාගේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයත් රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයත් මිනිස්සු එකට තියල පරාජය කළේ ජවිපෙ පමණක් නොව සමඟි ජන බලවේගයත් කී කතා විශ්වාස කරලාය. ඔවුන් රාජපක්ෂලාට, රනිල්ට ඒ ඇමැතිවරුන්ට එරෙහිව නගපු චෝදනා විශ්වාස කරලාය.

දැන් රාජපක්ෂලා රනිල්ලා සහ ඒ ඇමැතිවරු කියන්නේ නුගේගොඩ රැස්වීමට ඇවිත් ඇඟේ කුණු හෝදපල්ලා කියලාය. රනිල් සහ යූ.ඇන්.පී.ය 2022 තෙක් රාජපක්ෂලාව සහ රාජපක්ෂලාගේ ඇමැති මණ්ඩලය පට්ට ගහල ගහල ජනාධිපතිකම දෙන්නම් කිව්වම ඔවුන්ගේ කුණු හෝදන වැඩේ බාර ගත්තේය. රාජපක්ෂලාත් රනිල්ලාත් ඒ ඇමැති මණ්ඩලයත් එතැනින්ම ඉවර විය.
‘ස.ජ.බ.යත් කුණු හෝදන්න නුගේගොඩ ගිහින් ඉවර වෙයිද?

තවම කියන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රන්මල් කොඩිතුවක්කු මගේ අයියා කියලා ගම්පහ පොලිසියට සද්දේ දාපු කාන්තාව ගැන පොලිසියෙන් නිවේදනයක්! ඒක සම්පූර්ණ අසත්‍යයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකා බඩුත් පටවගෙන ගෙදරින් යයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.