• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙසක් සතියේ මහා පින්කමක්! සැමියාගේ අවසරය ඇතිව මවයි පුතුන් තුන්දෙනයි දියණියයි සසුන්ගත වෙලා! ඉදිරියේදී සැමියාත් සසුන්ගත වෙන්න තීන්දු කරලා!

May 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෙසක් සතියේ මහා පින්කමක්! සැමියාගේ අවසරය ඇතිව මවයි පුතුන් තුන්දෙනයි දියණියයි සසුන්ගත වෙලා! ඉදිරියේදී සැමියාත් සසුන්ගත වෙන්න තීන්දු කරලා!
Share on WhatsAppShare on Facebook

සිය ස්වාමියාගේ අවසරය ඇතිව බිරිය, පුතුන් තිදෙනා සහ දියණිය සසුන් ගතවීමේ මහා පින්කමක් පසුගියදා (25) රත්නපුර, දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේදී සිදු විය. දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොටපොල සුධම්ම නාහිමිගේ සහ පරකඩුවේ නන්දකල්‍යාණී මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම සිදු විය.

තිස් අට හැවිරිදි සුරේකා සජීවනී (මව) නාමල්තලාවේ සෝනුත්තරා නමින් ද, ඇගේ පුතුන් වන 14 හැවිරිදි ඩී. එම්. හර්ෂණ නාමල්තලාවේ සමිත නමින් ද, 09 හැවිරිදි ඩී. එම්. ගගන චන්දිම නාමල්තලාවේ සමිද්ධි නමින් ද, 07 හැවිරිදි ඩී. එම්. තෙනුවර ආකාෂ් නාමල්තලාවේ සුලක්ඛන නමින් ද, දියණිය වන 4 හැවිරිදි ඩී. එම්. යසස්සි නාමල්තලාවේ කවින්ධ්‍යා නමින් ද සසුන් ගත වූහ. මේ සියලු දෙනාම අම්පාර, නාමල්තලාවේ පදිංචිකරුවෝය.

මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති, කෘත්‍යාධිකාරි කොටපොල සුධම්ම නාහිමි මේ උත්සවයේ මුලසුන හොබවමින් මෙලෙස පැවැසූහ.

“අපේ දායකයන් කොතෙක් පින්කම් කළත් ක්‍රමවේදය කුමක්ද කියා සමහරු දන්නේ නෑ. තථාගත බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සිටු කුමරියක් හැටියට උප්පත්තිය ලැබුවා. එහිදී අබතෙල් පුජා කර ලැබෙන පිනෙන් බුදු වීම අපේක්ෂා කළා. නමුත් කාන්තාවකට බුදු වීමට නොහැකියි. එසේ වීමට පිරිමි ආත්මයක් ලැබිය යුතුයි. එදා සිටු කුමරිය සිය ස්වාමි පුරුෂයාගෙන් විවරණය ගත්තා. එය සිහිපත් කරමින් මේ විවාහක කාන්තාව සසුන්ගත වීමේදී තම ස්වාමි පුරුෂයාගෙන් විවරණයක් ගත යුතුයි. ඒ ලබන ආත්මයේ පිරිමි ආත්මයක ඉපදීමයි. එම අවස්ථාව මෙහිදී ඉටු කළා. පිරිමියෙක් වූවොත් පමණයි බුද්ධත්වය ලබන්න හැකිවන්නේ. මේ ස්වාමියා ද ඉදිරියේ සසුන් ගත වීමට නියමිතයි.”

පරකඩුවේ නන්දකල්‍යාණී මෙහෙණින් වහන්සේ

“මෙහෙණින් වහන්සේලාගේ ශාසනයේ පැවැත්ම උදෙසා තවත් දෙදෙනකු ශාසනයට ඇතුළුවීම සතුටට කරුණක්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙහෙණින් වහන්සේලා හිටියා. අදත් අපේ කාන්තා පාර්ශ්වයට යමක් දැනගැනීමට, අවවාද අනුශාසනා ගැනීමට මෙහෙණින් වහන්සේලා වශයෙන් අප කටයුතු කරමින් අපේ සසර ගමන කෙටි කරගැනීමට අදිටන් කරමින් සිටිනවා. මෙහිදී මහා සංඝරත්නය දක්වන සහයෝගය අප අගය කරනවා.”

නීල් මධුසංඛ (42) නැමති ස්වාමි පුරුෂයා මෙසේ පැවසීය.

“මම අම්පාර ප්‍රදේශයේ නවීන පහසුකම් සහිත හිස කෙස් සැකසුම් ආයතනයක රැකියාව කරමින් බිරිය සහ දරුවන් සමඟ ජීවත් වුණා. අපට ජීවත්වීමේ ගැටලුවක් තිබුණේ නෑ. ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. ඒත් මගේ බිරියත්, පුතාලා තුන්දෙනත්, දුවත් සසුන් දිවියට ඇතුළු වීමට ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. කොහොම හරි අද ඒ අවස්ථාව උදා වුණා. මේ පිළිබඳ අපේ වැඩිහිටියන්ගේ ප්‍රසාදයක් තිබුණේ නෑ. ඒත් මමත් මෙයට කැමතියි. ඉදිරි දිනකදී මමත් සසුන්ගතවී අපේ සසර ගමන කෙටි කරගැනීමට අදිටන් කරගෙනයි ඉන්නේ.”

දිනමිණ

SendShareShare
Previous Post

සන්නිවේදන ක්ෂේත්‍රයේ මහා පෙරළියක්! එයාර්ටෙල්-ඩයලොග් එකතු වෙයි!

Next Post

අදත් වහිනවා.. හෙටත් වහිනවා… අනිද්දත් වහිනවා! කාලගුණය දාපු අලුත්ම නිවේදනය!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ජනතාවට වන්දි ලබාදීමට හා විනාශ වී ගිය පොදු දේපළ යළි ගොඩනැගීමට ආරම්භ කරනු ලැබූ රී...

Read more
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.