අර්ථසාධක අරමුදලේ මුදල් අයෝජනයේදී ගෙවන පොලිය සියයට 9 දක්වා අඩුකිරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (04) සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. (Sri Lanka Latest News)
අර්ථසාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී සියයට 12ක පොලිය සියයට 9 දක්වා අඩුකර ඇති බවයි පෙත්සම්කරු පවසන්නේ.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් පෙනී සිටියා. ඔහු පැවසුවේ මෙම කරුණට අදාළව අගෝස්තු 11 වනදා රජය තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිත බවයි.
ඒ අනුව හදිසි නඩු කටයුක්තක් බැවින් එය සළකා බැලීම සදහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. ඒ අනුවයි අනිද්දා දිනයේ දී එය සළකා බැලීමට තීරණය කළේ.
රුපියල් ට්‍රිලියන 3.4 ක දායක මුදලක් සේවක අර්ථසාධක අරමුදල සතු බව පෙත්සමේ සඳහන්. ඉන් සියයට 90 ක් අයෝජනය කර ඇති බවද පෙත්සම්කරු පවසනවා.
A5 News Sri Lanka










