රුපියල් කෝටි 7කට වැඩි රත්රන් කිලෝ තුනක් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රිරි රහීම් මහතා ගැන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම්දී ඒ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (25) ඉල්ලීමක් කළේය.Sri Lanka Latest News
රහීම් මහතා මෙම රත්රන් සහ ජංගම දුරකතන පාර්ලිමේන්තු වරප්‍රසාද සහ සිය රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවභාවිතා කරමින් නීති විරෝධීව කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් 2023 මැයි 23 දින මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මෙම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75 ක දඩ මුදලක් නියම කර ඇති බවත් සභානායකවරයා කීවේය.
එසේම ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කෙරුණු බවද අමාත්‍යවරයා පැවසීය.
මන්ත්‍රීවරයා මන්ත්‍රී චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බැවින් සහ මහජන නියෝජිතයකු වශයෙන් මහජන විශ්වාසය කඩකර ඇති හෙයින් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ සහ නියෝජනය කරන සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවද සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසුවේය.










