හොරුන්ගෙත් හොරු කම්බා හොරු යැයි අපගේ ජන වහරේ එන කියමනක් ඇත. ඒ අතරේම ‘බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ’ යැයි තවත් අපූරු කියමනක්ද ඇත. මේ කතන්දර සියල්ලක්ම කියැවෙන්නේ සොරකු හෝ සොරකමක් හෝ ආශ්‍රිතව වන වගතුගකදී බව අපට සැණෙන් අවබෝධ වෙයි. අද මෙම කාලයේදී නම් අපට අසන්නට ලැබෙන අරුම පුදුම සොරකම් දෙස බලන විටදී මෙම ජන කියමන්වල සැබෑ හරයද හොඳින්ම ඉස්මතු වෙයි. මේ සොරකම් සියල්ලක්ම අභිභවා ගිය මහා වාර්තාගත සොරකමක වගතුග මෙම දිනවල හතර වටින්ම අසන්නට ලැබෙයි. දෙස් විදෙස් හැම ක්ෂේත්රයකින්ම අසන්නට ලැබුණු එම විස්මිත වගතුග නම් මෙරට පසුගිය කාලයේදී සිදුකෙරුණු මහාපරිමාණ ඖෂධ මගඩියයි. එනම් මෙරට ජනතාවගේ ජීවිත පරදුවට තබා සිදුකළ සුපිරි රාජ්‍ය මට්ටමේ ඖෂධ වංචාවයි. ව්‍යාජ බෙහෙත් වර්ග නිෂ්පාදනය හරහා සිදුකළ එම මහා සොරකමේ බොහෝ තතු ජනතාව දනිති. ඒ අතරම එයට සම්බන්ධ සොර මුළක් සිරගෙදර ලගින හැටිද දක්නට ඇත.
එම කෝටි ගණනාවක මහජන ධනය කොල්ලකෑ මහා ඖෂධ සොරකම ලියා තබමින් අද මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු සාධක වූයේ කුමක්ද? එනම් පසුගිය කාලය පුරා මෙම මහා දූෂිත වංචාවට අදාළව දෙස් විසේ මාධ්‍ය වෙතින් අසන්නට ලැබුණු සිවිශේෂ පුවත්ය. ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු ප්‍රධාන කරගත් තවත් ඉහළ රාජ්‍ය තනතුරු දරන නිලධාරීන් මෙන්ම ප්‍රධාන පෙළේ මෙරට ඖෂධ නිෂ්පාදකයන්ද මෙම ඖෂධ මගඩියට සම්බන්ධ වී සිටින ආකාරය දැන් පැහැදිලිවම දක්නට හැකිය. එනම් මෙය අතිශයින්ම සංවිධානාත්මකව සිදුවූ මහා සොරකමකි. අද මෙම සිදුවීමේ තතු ලොව පුරා රටවල් රාශියකට පවා ප්‍රචලිතව ඇත. එසේම එම රටවල ඇති මාධ්‍ය ආයතන විසින් මෙම සොරකම ගැන බොහෝ තතු ලොව පුරා ප්‍රකාශ කළේය. එම සොරකම ගැන පමණක් නොව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ පරිහානිය සහ මහා කඩාවැටීම ගැනද බොහෝ තොරතුරු හෙළිකර සිටියේය. අද මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම විදේශ මාධ්‍ය සහ විදේශ සංවිධාන ප්‍රකාශ කළ වගතුග කුමක්දැයි සොයා බැලීමය. එනම් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයට අත්වී ඇති අතිශය ශෝචනීය ඉරණම ගැන විමසා බැලීමය. Sri Lanka Latest News
ලෝකයේ ඇති අතිශය ප්‍රකට සහ පිළිගත් පර්යේෂණ සහ සමීක්ෂණ සංවිධානයක් වන ජර්මනියේ ප්‍රධාන මූලස්ථානය පිහිටා තිබෙන ‘ස්ටැටිස්ටා’ නමැති ආයතනය 2024 වසරේදී ප්‍රකාශ කරන ලද නවතම වාර්තාවකින් අපූරු වගතුගක් කියැවෙයි. එනම් වසර 17ක් පැරැණි ආයතනයේ මේ වන විට පර්යේෂකයන්, සමීක්ෂකයන් සහ අනෙකුත් නිලධාරීන් 1,335ක් සේවය කරති. මෙම ආයතනය ලොව පුරා රටවල් 150ක් තුළ විවිධ සමීක්ෂණයන් පවත්වා තිබේ. Sri Lanka Latest News
විවිධ ක්ෂේත්රයන් 22,500කට අදාළව මාතෘකා 80,000ක් යටතේ විවිධ සමීක්ෂණයන් පවත්වා ඒ අනුව සංඛ්‍යාලේඛන සහ දත්ත 1,000,000කට (ලක්ෂ 10ක්) වැනි ප්‍රමාණයක් එළිදක්වා ඇත. මෙවැනි අතිශය පුළුල් වටපිටාවක් යටතේ තම පර්යේෂණ සහ සමීක්ෂණ කටයුතු සිදුකරන ‘ස්ටැටිස්ටා’ සංවිධානය පසුගියදා 2024 වසරේදී සුවිශේෂ සමීක්ෂණයක වගතුග ප්‍රකාශයට පත්කළේය. මෙම ලෝක ව්‍යාප්ත අලුත්ම සමීක්ෂණය සිදුකෙරී ඇත්තේ 2023 වසරට අදාළවය. මෙහි ප්‍රධාන මාතෘකාව වන්නේ ලෝකයේ රටවල සෞඛ්‍ය ක්ෂේත්රයන්ගේ දියුණුව සහ පැවැත්ම යන්නය. එනම් එම රටවලට අදාළව ශ්‍රේණිගත කිරීමය. මෙම ලෝක ව්‍යාප්ත සමීක්ෂණය සඳහා ලෝකයේ රටවල් 167ක් පාදක කරගෙන ඇත.
මේ අනුව 2023 වසරේදී ලෝකයේ හොඳම සෞඛ්‍ය ක්ෂේත්රය ඇති රට ලෙස ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිංගප්පූරුවයි. ඉන් පසුව දෙවැනි ස්ථානයට ජපානය සහ තෙවැනි ස්ථානයට දකුණු කොරියාව පත්ව ඇත. මෙම ප්‍රතිඵලයෙහි විශේෂත්වය වන්නේ එනම් එම ප්‍රථම ස්ථානයන් තුනම හිමිකරගෙන ඇත්තේ ආසියාවේ රටවල් වීමය. මෙහිදී යුරෝපයේ බටහිර රටවල් රැසක්ම තම ස්ථානය හිමිකරගෙන ඇත්තේ 07 වැනි ස්ථානයෙන් පහළටය. දැන් එසේ නම් මෙම සමීක්ෂණයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ කුමන ස්ථානයද? මෙම ගෝලීය සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 47 වැනි ස්ථානයයි. මේ අතර, අධීක්ෂණයට ගැනුණු රටවල් 167 අතරින් අතිශය පරිහානියට පත් නරකම සෞඛ්‍ය ක්ෂේත්රයන් අයත් වන්නේ අප්‍රිකාවේ රටවල් ගණනාවකටය. ඔවුහු එම ලැයිස්තුවේ අවසාන කොටසට අයත් වෙති.
දැන් මෙම නවතම තත්ත්වයන් යටතේ අපට ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්රය ගැන නිගමනය කළ හැක්කේ කුමක්ද? ලෝකයේ රටවල් 167ක් අතරින් අපගේ රට 47 වැනි ස්ථානයට පත්වීම යනු අප සැමගේ අවධානය යොමුවිය යුතු සුවිශේෂ හේතුවකි. එනම් එම ස්ථානය එතරම්ම පහත් ස්ථානයක් නොවූවද අපට එතරම් සතුටු විය හැකි ස්ථානයක්ද නොවේ. කොවිඩ් වසංගතය සහ ඊට පසු මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයට ප්‍රථම මෙම ස්ථානගත කිරීම යම් ඉහළ තත්ත්වයක තිබී ඇත. එහෙත් පසුව 2022 වසරේ සිට එම තත්ත්වයන් යම් සමනය කිරීමකට පත්විය. එසේ වුවද පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයෙහි ඇතිවූයේ වෙනස්ම තත්ත්වයකි.
එනම් එම වසරේ මැද භාගයේ සිට ඇතිවූ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ මහා දූෂණ වංචාවන්ය. ඊට පෙර සිටම එකල හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රධාන අනෙක් සෞඛ්‍ය බලධාරීන් ගණනාවක්ම යට කී දූෂණ වංචාවන්හි නිරතව සිට ඇතත් එම රහස් හෙළි වන්නට ගන්නේ 2023 මැද භාගයේ සිටය. ඒ අනුව එම සිදුකළ මහා අපරාධයේ සියලු තතු අද මුළුමහත් ලෝකයම දනියි. එසේම එම අපරාධයේ චූදිතයන් දරුණු දඬුවම් විඳින ආකාරයද දක්නට හැකිය.
ඉහත පැවැසූ ජාත්‍යන්තර ස්ටැටිස්ටා සමීක්ෂණ ආයතනය තම සමීක්ෂණය සිදුකරන්නේද මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදීය. එනම් 2023 වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිවුණු වංචනික තත්ත්වයන්ද අවධානයට ගෙන ඇත. එනම් එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිවුණු අර්බුදය සහ පිරිහීමද අවධානයට ගෙන ඇත. මෙවැනි ශෝචනීය තත්ත්වයන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයෙහි නොතිබුණේ නම් එම සමීක්ෂණයේ ප්රතිඵලවල ඉහළ ස්ථානයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයෙහි මෙලෙස උද්ගතව ඇති ශෝචනීය තත්ත්වය ගැන අද ලොව තිබෙන පිළිගත් ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ මාධ්‍ය ආයතන රැසක් විවිධ ප්‍රකාශයන් සිදුකර ඇත. මෙම කාලයේදී ලෝකයේ කිසිදු රටක වෛද්‍ය ක්ෂේත්රයන් ගැන මෙවැනි ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු නොවී තිබීම අප විසින් අවධානයට ගත යුතුය. එසේම එවැනි තත්ත්වයන් ඇතිවීම ගැන බලධාරීන් වගකිව යුතුය. මේ ආකාරයට එවැනි විදෙස් පාර්ශ්ව විසින් අපගේ සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව සිදුකරන ප්‍රකාශයන් ගැන සොයා බලමු. ඒවා මෙසේ ගෙනහැර දැක්විය හැකිය. Sri Lanka Latest News
යුනිසෙෆ් සංවිධානය නොහොත් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල
‘ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන ගණනාවක් මන්දපෝෂණ තත්ත්වයට පත්ව ඇති ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. මේ කනගාටුදායක තත්ත්වය වසරින් වසර ඉහළ යන ආකාරයක් අපට නිරීක්ෂණය කළ හැකියි. එම දත්ත වසර කිහිපයක් පුරා පසුගිය 2023 වසර තෙක්ම යුනිසෙෆ් සංවිධානයේ සමීක්ෂණ හරහා ඉදිරිපත් කර තිබෙනවා. මිලියන 2.3ක් (ලක්ෂ 23ක්) වන ශ්‍රී ලංකාවේ ළමුන්ට නිසි ආහාර වේලක් නොලැබීම දැනට වසර කිහිපයක සිටම සිදුව තිබෙනවා. මෙම බොහෝ දරුවන් අදටත් උදේ නැගිටලා පාසල් යන්නේ කුසගින්නේ. තවමත් එම පවුල්වල මවුපියන්ට තම දරුවන්ට ආහාර වේලක් ලබාදීමට වත්කමක් නැහැ. කොවිඩ් වසංගතයත්, ආර්ථික අර්බුදයත් යම් පමණකින් රට තුළ විසඳී තිබුණත් මෙම ළමා මන්දපෝෂණ තත්ත්වය කිසිම ආකාරයකින් විසඳී නැහැ. මෙම කනගාටුදායක තත්ත්වයෙන් ගොඩ ඒමට රටේ රාජ්‍ය බලධාරීන් වගකිව යුතු මෙහෙවරක් ඉටුකළ යුතුයි. රටේ සෞඛ්‍ය ක්ෂේත්රයද ඉතා දරුණු ලෙස පිරිහීමත් මෙයට එක් හේතුවක්…’
ලෝක සෞඛ්‍ය සංවිධානය
‘ශ්‍රී ලංකාව පසුගිය සමයේදී මුහුණ දුන් කොවිඩ් 19 වසංගතය සහ විදේශ සංචිත අර්බුදය මත ඇතිවුණු බලපෑම් තවමත් සෞඛ්‍ය ක්ෂේත්රයට බලපා තිබෙන ආකාරය පේනවා. මෙහිදී ප්‍රධාන ලෙසම බලපාන ලද ක්ෂේත්රයක් වූයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා අවශ්‍යම වූ ඖෂධ වර්ග සැපයීමයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සැපයුම්වලින් 80%ක්ම ආනයනය කරන ලද අතර ඒ නිසා බරපතළ ඖෂධ හිඟයක් ඇතිවුණා. දැන් එම තත්ත්වය යම් සමනය කිරීමකට පත්ව තිබුණත් පූර්ණ විසඳුම් ලැබීමක් තවම සිදුව නැහැ. මෙම ප්රභේදයන් හඳුනා ගැනීම සඳහා ප්‍රවේණික නිරීක්ෂණ අඛණ්ඩව සිදුකරමින් සිටිනවා. මෙම ඖෂධ හිඟයන්ට අමතරව ශ්‍රී ලංකාව තුළ තවමත් විසඳී නැති ප්‍රශ්නයක් වන්නේ ළමා මන්දපෝෂණයයි. සියලු වගකිව යුතු පාර්ශ්ව මේ ගැන විශාල අවධානයක් යොමුකළ යුතුයි. පසුගිය දශක කිහිපයක් තුළ ශ්‍රී ලංකාව වෙහෙස මහන්සි වී උපයාගත් මහජන සෞඛ්‍යමය ජයග්‍රහණය දැන් විශාල අවදානමකට ලක්ව තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සෞඛ්‍ය තර්ජන ගණනාවකටම මුහුණ දී සිටිනවා….’
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් ආයතනය
‘රජයේ රෝහල් සඳහා සැපයීමට ව්‍යාජ ලෙස ඖෂධ මිලදී ගැනීමක් සහ නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙන් සිදුව ඇති දූෂණ වංචාවකට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ උසස් සෞඛ්‍ය බලධාරීන් ගණනාවක්ම අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස නඩු විභාගයකින් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති අතර, මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට මහත් කැලලක් ඇතිකර තිබෙයි. ජීවිතාරක්ෂක ඖෂධ මිලදී ගන්නවා යැයි කියමින් රුපියල් මිලියන 144ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 17ක්) පමණ මෙම ව්‍යාජ ඖෂධ ලබාගැනීම සඳහා මහජන මුදල් වැයකර තිබෙනවා. මෙලෙස මිලදී ගෙන ඇති ප්‍රතිදේහ ඖෂධයක් යැයි කියන ඉමියුනෝග්ලෝබියුලින් ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කරන ලද අතර, එම එන්නත් තුළ තිබී ඇත්තේ ඖෂධයක් නොව සාමාන්‍ය ජලය යැයිද හෙළිව ඇත. ඉන් පසුව මෙම ව්‍යාජ ඖෂධය රෝගීන්ගේ භාවිතය සඳහා රජයේ රෝහල්වලට නිකුත් කර ඇති අතර, එමගින් රෝගීන් කොපමණක් මියගියේදැයි පැහැදිලි නැත. මෙම ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය කළ ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදකයාට රජය රුපියල් මිලියන 960ක් ගෙවීමට නියමිතව තිබුණත් එයින් ගෙවා තිබුණේ කොටසක් පමණි. මෙම සිදුවීම ශ්‍රී ලාංකික වෛද්‍ය ක්ෂේත්රය මහත් අවමානයකට ලක්කෙරුණු සිදුවීමකි…’
රොයිටර්ස් මාධ්‍ය ආයතනය
‘වසර 05ට අඩු ශ්‍රී ලාංකික දරුවන්ගෙන් 43.4%ක ප්‍රමාණයක්ම ඉතා අඩු පෝෂණ තත්ත්වයන්ට පත්ව ඇතැයි ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා කිහිපයකින්ම පෙන්වා දී තිබෙනවා. මෙය මන්දපෝෂණ තත්ත්වයක් යැයි ප්‍රකාශ වෙනවා. මෙම දරුවන්ගෙන් 15.3%ක් නිසි බර නැති දරුවන් වන අතර, ඉන් 8.2%ක ප්‍රමාණයක් ශරීරය කෘශ වීමේ තත්ත්වයට ගොදුරු වී ඇත. එසේම 7.4%ක ප්‍රමාණයක දරුවන්ගේ වැඩීම ඇනහිටින තත්ත්වයකටද පත්ව ඇත. මෙය ඉතා අනතුරුදායක තත්ත්වයකි.’
ද ගාර්ඩියන් සඟරාව සහ මාධ්‍ය ආයතනය
‘ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් එනම් මිලියන 06ක ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව සිටිනවා. මෙම දරිද්‍රතා අනුපාතය දැනට වසර 04ක පමණ සිට තිබෙන අතර. එය තවත් ඉහළ නගිමින් තිබෙන බව පේනවා. මෙම තත්ත්වය නාගරික සහ දුෂ්කර ප්‍රදේශවල මෙන්ම ඉතා බහුලව වතුකරයේ ප්රදේශවලද දක්නට ලැබෙනවා. යුනිසෙෆ් සංවිධානයේ පෝෂණ විශේෂඥයකු වන අබ්නර් ඩැනියෙල් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉතා භයානක තත්ත්වයක් බවයි. ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල්වල සමහර මවුවරු තමන්ගේ දරු ප්‍රසූතියෙන් පසුව මාස තුනක් ඇතුළත තම ළදරුවන් අතහැර රැකියාවන්ට යනවා. එවිට එම කුඩා දරුවන්ට මවුකිරි ලැබෙන්නේ නැහැ. මෙය කෙතරම් ශෝචනීය තත්ත්වයක්ද කියා සිතා බලන්න…’
ග්‍රවුන්ඩ්වීව්ස් මාධ්‍ය ආයතනය
‘ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ දැනට වසර කිහිපයක සිට තිබෙන අර්බුදකාරී තත්ත්වය යටතේ එම ක්ෂේත්රයේ විවිධ තරාතිරම්වල සේවකයන් දහස් ගණනක් විදේශ රටවලට සංක්‍රමණය වුණා. මෙයින් වෛද්‍යවරුන් ප්‍රධාන තැනක් ගන්නවා. සෞඛ්‍ය සේවකයන්ගේ මෙලෙස පිරිහෙන ජීවන තත්ත්වය හේතුවෙන් ඔවුන් විදේශ මුදල් උපයා ගැනීම සඳහා මෙරට හැර යනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීමය ගැටලු රාශියක් තිබෙන බවද පේනවා. සේවකයන් නිතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පෙලඹීම මේ අනුව සිදුවෙනවා. මෙහිදී රෝගීන්ද බරපතළ ප්‍රශ්නයන්ට ගොදුරු වෙනවා…’ Sri Lanka Latest News
රේඩියෝ නිව්සීලන්ඩ් – නවසීලන්තයේ රාජ්‍ය ගුවන්විදුලි සේවය
‘ශ්‍රී ලංකාවේ බරපතළ රෝගීන් සඳහා ඖෂධ සොයාගැනීම ඉතා දුෂ්කර තත්ත්වයට පත්ව තිබෙනවා. විශේෂයෙන් පිළිකා රෝගීන්ට දෙන ඖෂධ ඉතා මිල අධිකයි. Bevacizumab නමැති එන්නත රෝහල්වල හිඟයි. මෙය පුද්ගලික වෙළෙඳපළේ එකක් රුපියල් 1,13,000ක් පමණ වෙනවා. අහිංසක රෝගීන් මේවා මිලදී ගන්නේ කොහොමද? හරිම ශෝචනීය තත්ත්වයක්…’
ප්‍රියන්ත හෙට්ටිගේ