සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත්ව සිටි මහනුවර අම්පිටියේ සිසුවකුට භූමිතෙල් ඉස ගිනි තැබූ අපරාධකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
ඒ, හෙතෙම අම්පිටිය ප්‍රදේශයේ කැලෑවක සැගවී සිටියදීය.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා විසින් යෙදවූ විමර්ශන කණ්ඩායමක නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
හෙතෙම අවුරුදු 26ක් වන මලිත් නිසංසල නොහොත් පැතුම් යන අයෙකි.